Tuesday, September 17, 2013

මීට වසර එකහමාරකට පමණ පෙර හදිසි අනතුරකින් මියගිය එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයකුගේ නමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපන් දින සුබ පැතුම් පතක් යැවීම හේතුවෙන් එම නිවෙසෙහි ඥාතීන් අතර දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන තිබුනා.

රනිල් වික්‍රමසිංහ මහතා මීට දින කිහිපයකට ඉහතදී මෙසේ උපන් දින සුබ පැතුම් පතක් යවා ඇත්තේ ඉකුත් මැයි පළමු දින යාපනයේ පැවැති එජාපයේ මැයි දින රැලියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සුබසිංහ සිරිවර්ධන නමැති කඩුගන්නාව හිටපු නාගරික මන්ත්‍රිවරයාටය.

එම නාගරික මන්ත්‍රිවරයා මියගොස් වසර එකහමාරකට පසුව වික්‍රමසිංහ මහතා විසින් ඒ මහතාගේ උපන් දිනය යෙදී තිබුණු පසුගිය සතියේදී උපන් දින සුබපැතුම් පතක් යවනු ලැබීමත් සමඟ එම පවුලේ ඥාතීන් මහත් කලබලයටත්, කෝපයටත් පත්ව ඇත. එහිදී ඥාතීන්ද අසල්වැසින්ද සිද්ධිය දැනගැනීමත් සමඟ තම පක්ෂයේ මන්ත්‍රිවරයකු මියගිය බවවත් නොදන්නා පක්ෂ නායකයකු පක්ෂයක් පාලනය කරන්නේ කෙසේද යන්න කියමින් ප්‍රදේශයේ එජාප නායකයන් හට ‍ෙදාස් පවරා ඇත.

සිද්ධිය පිළිබඳ වාර්තා වීමත් සමඟ එම නිවෙසට ගොස් ඇති වික්‍රමසිංහ මහතාගේ සමීප හිතවතකු වන සාගල රත්නායක මහතා නායකයාගෙන් සිදුව ඇති අත්වැරැද්දට සමාව ගෙන අදාළ සුබපැතුම් පත ආපසු ඉල්ලාගෙන ඇති බවද දැනගන්නට ඇත.

0 comments:

Post a Comment