පිළිකාරෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත මේ දිනවල විවේක සුවයෙන් පසුවන සුපිරි බොලිවුඩි නිළි මනීෂා කොයිරාල යළි රිදී තිරයට පිවිසීමට සුදානමි සිටින බව වාර්තා වේ.
සුදුසු පිටපතක් ලැබුණහොත් ලබන දෙසැම්බර් මාසයෙන් පසු රගපෑමට එක්වනබව ඇය පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නේපාල ජාතික කාන්තාවක්වන මනීෂා කොයිරාල මේ වන විට 43 වැනි වියේ පසුවේ.ඇය රංගනයට පිවිසියේ නේපාල චිත‍්‍රපටයක් වු පේරි බෙටුවාලාචිත‍්‍රපටයෙනි. එම චිත‍්‍රපටය 1989වසරේදි තිරගත විය.
මනීෂා කොයිරාල පිළිකාවකින් පීඩා විඳින බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ අතර අනතුරුව ඇය ප‍්‍රතිකාර සඳහා ඇමෙරිකාවට ද ගියාය.
එසේම 1991වසරේ දී බොලිවුඞ් සිනමාවට පිවිසි මනීෂා කොයිරාල 1947ලව් ස්ටෝරිහා දිල් සේ චිත‍්‍රපට තුලින් අති මහත් ජනප‍්‍රියත්වයක් හිමි කරගත්තේය.
මීට අමතරව ඇය රඟපෑ බූත් රිටර්න්ස් චිත‍්‍රපටය පහුගිය වසරේ ඔක්තේබර් මාසේ තිරගතවිය. ඇයගේ විසි දෙවසරක සිනමාජීවිතයේදී තෙවරක් හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානයට ද පාත‍්‍ර වූවාය.
Home
»
actress
»
bollywood
»
cancer
»
Hot Scene
»
Manisha Koirala
»
Nepalese
» පිළිකාවෙන් පීඩා විදි මනීෂා යළි රිදී තිරයට එක්වීමට සූදානමින්
Wednesday, September 18, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment