‘තරුණ කාලෙදි මාව දූෂණය කළා’ මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ සුපිරි ගායිකා මැඩෝනායි. තමන්, මේ අතවරයට මුහුණදුන්නේ ගායිකාවක ලෙස ඉදිරියට යන්නට වෙර දැරූ අතීතයේ දිනයක දී යැයි ඇමෙරිකානු සඟරාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය එලෙස ප්‍රකාශ කළා.
“ගායිකාවක් වෙන්න හිතාගෙන 1977 දී නිව්යෝර්ක් නගරයට ආවත්, ඒ කාලෙ තිබුණෙ මගේ හිතේ මැවිල තිබුණ සුන්දර පරිසරය නෙමෙයි. මගේ නවාතැන තිබුණෙ නිව්යෝර්ක්වල හරිම අප්‍රසන්න පරිසරයකයි. වටාපිටාවෙන් ආවෙ මුත්‍රා ගඳ, සමහර වෙලාවට වමනෙය ගඳත් දැනුණා.
ඒ කාලෙ මගේ එකම වටිනා වස්තුව තමයි, රේඩියෝ එක. එක දවසක් ඒකත් හොරකම් කරල තිබුණා. ඒ දවස්වල මම චිත්‍ර පන්තිවලටත් ගියා. චිත්‍ර අඳින්න නෙමෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් අඳින කලාත්මක චිත්‍ර වෙනුවෙන් නිරුවත් නිරූපිකාවක් හැටියට පෙනී ඉන්නයි. ඒවායින් ලැබුණු සල්ලිවලින් මම නවාතැන් ගාස්තු ගෙව්වා. ඔය කාලෙදියි, කවුදෝ කෙනෙක් මට පිහියක් දික්කරලා මාව දූෂණය කළේ.” මේ වන විට 55 වියෙහි පසුවන මැඩෝනා තම කටුක අතීතය එලෙස සිහිපත් කළා.
Home
»
actress
»
American
»
Madonna
»
rape
»
Singer
»
songwriter
» මාව දූෂණය කළා - සුපිරි ගායිකා මැඩෝනා
Thursday, October 24, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment