සිංහල භාෂාව විකෘති කිරීම අදවනවිට මහා පරිමාණයෙන් සිදුවන්නේ යයි නියංගොඩ විජිතසිරි ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනු නාහිමියෝ පවසති.
උන් වහන්සේ මෙසේ පැවසුවේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය එක්ව 7 වැනි වරටත් සංවිධානය කළ මෙම වසරේ බෞද්ධ සාහිත්‍ය උත්සවය හා බ‍්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර ශත සංවත්සර ගුණසමරුව අමතමිනි.
අනුනායක හිමියෝ අනුශාසනාවක් පවත්වමින් මෙසේද පැවසූහ.
‘සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ආගමික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මේ ආකාරයට බෞද්ධ සාහිත්‍ය උත්සවයක් සංවිධානය කිරීම ඉතාම වැදගත් කාර්යයක්. බෞද්ධ සංස්කෘතික ප‍්‍රබෝධයක් ඇති කිරීමේ අභිලාෂයෙන් බ‍්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා ප‍්‍රාර්ථනා කළ දේවල් සම්පූර්ණයෙන්ම සාර්ථක වූවා යැයි අපට සිතන්න බැහැ.
සාහිත්‍ය කියන්නේ විශාල පථයක් පුරා දිවෙන විෂයක්. සාහිත්‍ය කලාව කියන විෂයට ලේඛන කලාව වගේම චිත‍්‍ර, මූර්ති, කැටයම් ශිල්පියත් ඇතුළු වෙනවා. ලංකාවේ සංස්කෘතික වශයෙන් යහපත් අන්දමට විශාල විපර්යාසයක් සිදුවුයේ අනුබුදු හිමියන්ගේ ලංකා ගමනයෙන් පසුවයි.
අද වනවිට සිංහල භාෂාව විශාල වශයෙන් විකෘත භාවයට ලක් කරමින් තිබෙන බවත් අපට පෙනෙනවා. සිංහල භාෂාවට ආදරය කරන මහාචාර්ය විනී විතාරන මහතා මේවා ගැන සුසුම් හෙළමින් සිටින බව කවුරුත් දන්නවා. අපේ භාෂාවට වැඩි වශයෙන් හානි සිදුවන්නේ මාධ්‍ය ආයතනවලින් සහ රජයේ පාසල්වලින්. මේ ගැන අපේ රටේ අධ්‍යාපනඥයන් අවධානය යොමුකිරීමයි දැන් කළ යුත්තේ’
Home
»
Buddhist clergy
»
Don't destroy Sinhalese
»
language
»
sinhala
»
social
»
Sri Lanka News
» අද මහා පරිමාණයෙන් සිංහල භාෂාව විකෘති කරනවා
Thursday, September 12, 2013
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment