පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ජාතියට විශාල හානියක් වන හෙයින් එම පාපකර්මයට අතගැසීමට නොහැකි බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ සඳුදා (09) බත්තරමුල්ල ජාතික හෙළ උරුමය පක්ෂ මාධ්‍ය හමුවකදීය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳුදා (09) රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා සභාව අතරමඟ නැගිට පැමිණ තිබිණ. නැවත පාර්ලිම්න්තු තේරීම් කාරක සභාවට සහභාගි නොවන බවත් ඒ වෙනුවට සභාවෙන් පිටත මෙම ද්‍රෝහී ක්‍රියාවට එරෙහිව ජනතාව පෙළ ගස්වන බවද අමාත්‍යවරයා පැවසිය.
විග්නේෂ්වරම් තවමත් අතීතයේ ජීවත් වෙමින් කොටි හිතවාදී වැඩපිළිවෙලක නිරතව සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මැතවරණ ප්රකාශණයෙන් පෙනී යන්නේ යැයි කී ඇමැතිවරයා එම යෝජනාව සම්පූර්ණයෙන්ම නාසිවාදය ගැබ් වූවක් බව ද කීවේය.
උතුර හා නැගෙනහිර තම ඵෙතිහාසික නිජ බිම බව පවසමින් ෙසෙවරී අයිතියක් ඉල්ලීමට විග්නේෂ්වරම් ප්රමුඛ දෙමළ සන්ධානය උත්සාහ කළත් කිසි දිනක එම උත්සාහය සාර්ථක කර ගැනීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ ප්‍රශ්නයට අත පෙවීමට උත්සාහ කරන ඉන්දියාව ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බව අවබෝධකර ගත යුතු අතරම විග්නේෂ්වරම්ට දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවයක් ඇත්නම් තමිල්නාඩුවට ගොස් ස්වෛරී අයිතිය ඉල්ලා සිටිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විග්නේශ්වරම් මේ වන විට දෙවැනි ඊළාම් යුද්ධය ප්‍රකාශ කර අවසන් නිසා දැන් තිබෙන්නේ එය භාර ගැනීම බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති යෝජනාව සමග එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැත්නම් අපි එයට සම්බන්ධ නැතැයි එළිපිට පවසන ලෙස එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව එම අවස්ථාවට එක් වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහ ලේකම් බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදයගම්මන්පිල මහතා කීවේය
මතෙක් ජාතික හෙළ උරුමය කී කිසිවක් වැරදී නැති බවත් ඒ සඳහා හොඳම උදාහරණ ලෙස ඩී.සී.ඩී ප්රශ්නය, ආසනික් ප්රශ්නය මෙන්ම පළාත් සභා සම්බන්ධයෙන් පෙන්වා දුන් කරුණුද දැක්විය හැකි බව උදය ගම්මන්පිළ මහතා කීවේය.
විග්නේෂ්වරම් මේ වන විට දෙවැනි ඊළාම් යුද්ධයක් සඳහා වූ දෙවැනි ඉනිම අරඹා ඇති නිසා දැන් තිබෙන්නේ ක්‍රීඩා කිරීමට පමණක් බව ද ඒ මහතා කීය. දෙමළ මිනිසුන් පදිංචි නොකිරීම ගැන කතා කරන විග්නේෂ්වරම් 1983 සිංහල මිනිසුන් එළවීම සම්බන්ධයෙන් දුක් නොවන බවත් පෙන්වා දුන් ඒ මහතා පළාත් සභා ක්‍රමයට එරෙහිව පක්ෂ, ජාති, ආගම් භේදයකින් තොරව ජාතික හෙළ උරුමය සමඟ පෙළ ගැසෙන ලෙස ආරාධනා කළේය. මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සම්බන්ධීකාරක නිශාන්ත වර්ණසිංහ මහතා ද එක් වූවේය.
ලක්බිම - රන්මලී සෝමසිරි
Home
»
Jathika Hela Urumaya
»
minister
»
Patali Champika Ranawaka
»
politics
»
Sri Lanka News
» නිජ බිම තමිල්නාඩුවෙන් ඉල්ලාගනු හෙළ උරුමය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් නැගිටී
Monday, September 9, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment