කාලයක් බෙහෙවින් දඟකාර කෙලිලොල් චරිතයක්. අද වනවිට තරමක් නිහඬ චරිතයක් වෙලාද? ඇය නමින් ඕෂධී හේවාමද්දුමගේ...
* එදා වගේ නෙමෙයි. අද වනවිට බොහොම සංචර චරිතයක් වෙලා. වගකීම් වැඩියි. කරන්න වැඩ කටයුතු එමටයි.. අපි කතාව එතනින්ම පටන්ගමු...
කෙලිලොල්කම නැතුව කියන්නේ නැත්තෙමත් නෑ. උපතින්ම ආපු දේවල් නැතුවෙන්නෑ ඉතිං. ඒක තියෙනවා. ඉස්සල්ලා කිව්වා වගේ දැන් ටිකක් වගකීම් වැඩියි. දැන් පුතෙක් ඉන්නවා. මවක් විදිහට ලොකු වගකීම් ගොඩක් තියෙනවා.
* අලුතෙන් ගෙවන වගකීම් සහිත ජීවිතය ගැන මොකද කියන්නේ?
ගොඩාක් කාර්යබහුලයි. වචනයෙන් කියන්න බැරි තරම් කාර්යබහුලයි. මං හිතන්නේ මගේ ජීවිතයේ රූගත කිරීම්වලට වඩා මං ගෙදර කාර්යබහුල වුණු පළමු වතාව.පුතා පොඩියි. දැන් එයාට මාස 4 ක් ඉවරයි. මාස 5 ක පොඩි බබෙක් ඉන්නවා කිව්වම ඉන්න අය දන්නවා මොන වගේද ගෙදර තත්ත්වය කියලා. උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මුලු දවස ගෙවනවා ඇත්තටම තේරෙන්නේ නෑ. හරි අමාරුයි ඉතිං. ලොකු කාර්යබහුලත්වයක් එක්ක තමයි ඉන්නේ.
* දැන් ඒ නිසාමද කාලයක් යනකං කලාවට සම්බන්ධ වෙන එක අඩු කරලා තියෙන්නේ? එහෙමත් නැත්තං ඒවත් හීන් සීරුවේ කරගෙන යනවද?
ඒ වැඩ කටයුතු හීන් සීරුවේ කරගෙන යනවා. ඇත්තටම මට ගොඩක් ලොකු දෙයක් මගේ අම්මයි තාත්තයි මාත් එක්ක ඉන්න එක. ඉතිං ඒ නිසා මට පුතාව ඒ දෙන්නා ළඟ තියලා එන්න පුළුවන්. ඒ අයගේ සහයෝගයත් එක්ක මට වැඩ කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඉතිං ඒ නිසා කලා කටයුතු හීන් සීරුවේ කරගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
* සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ නම ගිය තරුවකට කටකතා හැදෙනවා කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි. ඒ ගැන මොකද කියන්නේ?
මම දන්න තරමින්නම් මට කටකතා හැදිලා නෑ. මතක ඇති කාලෙක එහෙම දෙයක් සිද්ධවෙලා නෑ මට. ඒ නිසා මං අනිත් අය ගැන කියන්නත් මං දන්නේ නෑ. ඒවා ඇත්තද නැත්තද කියලා විවේචනය කරන්න මට තේරෙන්නෙත් නෑ. මම කට කතා හැදෙන විදිහට ජීවත් වෙන්නේ නෑ. ඒක තමයි ප්‍රධානම දේ. මම කට කතාවලට බය නැහැ. නමුත් මම කට කතා අහගන්න කැමති නැහැ. කට කතාවක් හැදුනට මටනම් කිසීම ප්‍රශ්නයක් නැහැ. ඒත් මගේ වටා ඉන්න පිරිසක් ඉන්නවා. මගේ සැමියා මගේ දෙමව්‍පියෝ. ඒ අයගේ හිත රිදෙයි, ඒ අයට නරකක් වෙයි කියලා තමයි මම කට කතා නොහැදෙන්න ගොඩක් වෙලාවට වැඩ කරන්නේ.
* වටේ ඉන්න පිරිසත් එක්ක වගේ නෙමෙයි සමාජයේ දී විවිධ වූ අයත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. එතනදී මත ගැටුම් විවිධ වූ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මේ අයත් එක්ක කටයුතු කරන්නේ කොහොමද?
ක්ෂේත්‍රයේ හැමෝම දන්නවා මං සාමාන්‍යයෙන් ඇඟ බේරගෙන වැඩ කරන කෙනෙක් කියලා. මං කියන්න තියෙන දේ කියනවා. මත ගැටුම් ඇතිවෙනවා. මං කියන්නේ නෑ එහෙම නෑ කියලා. මං හිතන්නේ ඕනම ක්ෂේත්‍රයක පිරිසක් එක්ක දීර්ඝ කාලීනව එකට වැඩ කරද්දි මත ගැටුම් ඇතිවෙන්න පුළුවන්. ඒක සාමාන්‍යය දෙයක්. ඒත් ඒවා බුද්ධිමත්ව සාමකාමීව විසඳගෙන වැඩකටයුතු ඉදිරියට කරගෙන යන එක තමයි මං හිතන්නේ අවශ්‍ය වෙන්නේ. මත ගැටුම් නැතුවාම නෙමෙයි. මතගැටුම් ඇතිවෙනවා. නමුත් කටකතා කියන දේ හරි අඩුයි.
* ඇතිවුණු මතගැටුම් එක්ක මේ වනවිට කාත් එක්කවත් තරහක් හිතේ ලොකු වෛරයක් එහෙම තියාගෙන නෑ...?
නෑ එහෙම දෙයක් නෑ. හැමෝත් එක්කම සුහදව ඇඟ බේරගෙන ඉන්නවා.
Home
»
actress
»
Beauty Actress
»
Film actress
»
Latest Hot
»
Oshadi Hewamadduma
»
Popular Tele-drama
» හැම දේකටම මං ආසයි...! - ඕෂධී හේවාමද්දුමගේ
Tuesday, September 10, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment