මේ අහඹු සිදුවීම චින්තකගේත් අයෝමිගේත් ජීවන ගමන එකට බැඳලා තියන්න සමත්වෙලා. චින්තක ගැන අයෝමි කතා කරන්නේ හරිම විස්වාසයෙන්. ආදරයෙන්. ඔව් ඒක හොඳයි. අපේ සුදු නංගිට හොඳක් වෙනවානම් අපිත් හරිම කැමතියි. සංතෝසයි.
ඒත් සුදු නංගී බැන්දට පස්සේ හරියට ආඩම්බර වෙලා කියල සමහරු කියනවා. ඔව් ඉතින් එකිනෙකා යරියට හඳුනාගන්න පුළුවන් කෙනෙක් තම සහකරු වුනාම කාටද ආඩම්බර නැත්තේ. ඒ ගැන අපිටත් හරිම ආඩම්බරයි.
අහලා බලමු අපි එයාගේ තොරතුරු ටිකක්..............
අයෝමි හරිම සතුටින් වගෙයි මේ දවස්වල ඉන්නේ?
ඇත්තෙන්ම. විවාහය කියන්නේ ජීවිතයේ අලූත් පිටුවක ආරම්භයයි. මනුෂ්‍යයකුගේ දෙවන උපතයි විවාහය. විවාහ වෙන්න දෙදෙනකුගේ අදහස් හොඳටම ගැළපෙන්න ඕනෑ. මටත් ඒ වගේ කෙනෙක් ලැබුණා. එයාගේ නම චින්තක දොළපිහිල්ල. චින්තකයි මමයි හිතන්නෙම එකම විදිහට. එයා කාලයක් මාධ්‍යයට සම්බන්ධ වෙලා හිටියා. දැන් එයා ඉවෙන්ට් මැනේජ්මන්ට් තමයි කරන්නේ.
කොහොමද චින්තක සහ ඔබ මුණ ගැසෙන්නේ?
පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ ආයුර්වේද සම්බන්ධ වැඩසටහනක් තිබුණා. චින්තක තමයි එය රූගත කරන්න බාර අරගෙන තිබිලා තියෙන්නේ. එතෙන්දියි ඔහුට මාව මුලින්ම මුණ ගැසුණේ.
ඒ හමුව මෙච්චර දුර යාවි කියා නිකමටවත් හිතුණේ නැතිද?
අනේ නැහැ. අපි දෙන්නට දෙන්නා දුරකථන අංක දෙක එදා හවස එයා මට කෝල් කළා. එත් අපි කතාබහ කළේ ආයුර්වේද වැඩසටහන ගැන විතරයි.මිතුදම ආදරයකට පෙරළුණේ කොෙඒ තන්දිද?
අපි ටිකක් කල් ආශ‍්‍රය කෙරුවා. ඔන්න එක දවසක් චින්තක අයියා කතා කරද්දී මට දැනුණා අමුත්තක්. එයා එදා දුරකථනය තිබ්බේ මට ආදරෙයි කියලා.
මොකද හිතුණේ එතකොට?
ගොඩක් බය හිතුණා. මාව කරකවලා අතැරියා වගේ. මං එක පාටරම උත්තරයක් දුන්නේ නැහැ. මාස තුනක් විතර ඔහු ගැන විස්තර හොයලා බැලූවා.
ඊට පස්සේ?
එයා හරි ජෙනුයින්. මගෙන් කෙළින්ම ඇහැව්වා. ඒකට මට මුලින්ම ප‍්‍රසාදයක් ඇති වුණා ඔහු පිළිබඳව. ඒ වගේම චින්තකගේ පවුලේ උදවියව මට හඳුන්වා දුන්නා. ඇත්තටම ඔහුව මං හොඳින් තේරුම් ගත්තා. මමත් කැමැත්ත ප‍්‍රකාශ කළා. මේ හමු වුණේ මට ගැළපෙනම කෙනා. සියයට දාහක් ඒක මට ෂුවර්.
ඔබේ ජීවිතේ නොයෙක් ප‍්‍රශ්න ඇති වුණා ගෙවුණු කාලයේ?ඇත්ත. ගැහැනු ළමයකු විදිහට මං ගොඩක් මානසික කරදරවලට මුහුණ පෑවා. මට දැැනෙන්නේ දැන් මගේ ජීවිතයට වසන්තය එළඹුණා වගේ. මේ සමය හැමදාම පවතීවි. චින්තක අයියා මං ගැන ඒ සිදුවීම් ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. ඔහු මට ලබාදෙන දිරිය අපමණයි.
කවදා විතර ද ඔබලාගේ විවාහ මංගල්‍යය සිදුවන්නේ?
ළඟදීම ගන්නවා. මහනුවරින් ගෙයක් අරගෙන පදිංචි වෙන්නයි හිතාගෙන ඉන්නේ. අයියගේ ගම මහනුවර නිසා එහෙ ඉන්නයි මං ආස.
එතකොට ඔබේ රංගන කටයුතු?
ඒවා නවත්වන්නේ නැහැ. බැන්දට පසුව ගෘහිණියක විදිහට මගේ වගකීම නොපිරිහෙලා ඉටු කරන අතරම මගේ අනිත් වෘත්තීන් දෙකත් මනාව කළමනාකරණය කර ගනිමින් පවත්වාගෙන යනවා.
ඔබ වෛද්‍යවරියක ලෙස පත්වීම ලැබුවට තවම සේවය කිරීමට රෝහලකට අනුයුක්ත කරලා නැහැ. බැරි වෙලාවත් දුෂ්කර පළාතකට යන්න සිදු වුණොත්?
ලංකාවේ ඕනැම තැනක සේවය කිරීම අපේ වගකීමක්. කොහේ ගියත් චින්තකවත් අරගෙනම තමයි යන්නේ.
මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?
චින්තකයි මමයි පුද්ගලික මට්ටමේ පුංචි හෝ ආයුර්වේද රෝහලක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නව. බලමු ඒක ගැන හිතමින් තමයි මේ දිනවල ඉන්නේ.
අවසන් කොට පවසන්න යමක්?
මට මේ වෙලාවේ මගේ අම්මවයි තාත්තවයි චින්තකගේ අම්මවයි, තාත්තාවයි මතක් කරන්න ඕනෑ. ඔවුන්ගේ ආශිර්වාදය නිසයි අපි මෙතුවක් දුර ආවේ. ජීවිතේ තව ගොඩක් දුර යන්න තියෙනවා. ආදරණීය බලාපොරොත්තු රැසක් සමඟ ඉදිරිය ගෙවන්න හිතාගෙන ඉන්නවා.



0 comments:
Post a Comment