Saturday, September 14, 2013

තමන්ගේ සහජ නර්තන හැකියාව ප්‍රයෝජනයට ගෙන කලා ලෝකයට පිවිසි ඈ දැන් දක්ෂ නිළියක්. මතකද ඔබට සිටු මැදුර, සිටු මැදුරේ නපුරු ක්‍රිෂාණි, ඇය  නමින් මේනකා මධුවන්ති.

*  මේනකා ඉතින් කොහොමද ජීවිතේ ?

ජීවිතේ හොඳයි ඒත් මේ දවස්වල ටිකක් කාර්යය බහුලයි.

* නපුරු ක්‍රිෂාණි කියපු ගමන් මූණ පොඩ්ඩක් විතර රතු වුණා. මේනකා ඒ චරිතයට සමානද එහෙම නැතිනම් මොන වගේද?

මං හිතන විදියට ක්‍රිෂාණි චරිතය වුණත් නපුරු වෙන්නේ තමන්ගේ කියලා දෙයක් නැති වුණාම.ඒ නිසා  මං හිතනවා ඕනම කෙනෙක්ට වේදනාවක් දැනෙනවා කියලා .ඉතින් ඒ වේදනාවත් එක්කම එයාගේ සිදුවන  වෙනස්කම් නිසා  තමයි එයා නපුරුයි කියලා මිනිසුන් අතරට යන්නේ.

* මේනකාට මේ කලා ක්ෂේත්‍රය තුළ වේදනා සහ පුංචි හිත් රිදීම් තියනවාද? එහෙම නැතිනම් කොහොමද මේ ආපූ ගමන ගැන මේනකා දකින්නේ?


දැනට ආපූ ගමන ගැන සෑහීමකට පත්වෙනවා ,ඉතින් ඕනෑම ක්ෂේත්‍රයක ඉන්නකොට පසුතැවීම් ,හිත් රීදීම් වැනි දේවල් වෙනවා.

*මේනකාට ඒ අතරින් වැඩිපුරම සිදුවෙලා තියෙන්නේ මොනවාද?


මං හිතනවා දෙකම සමබරව වෙලා තියනවා කියලා.මොකද මම ගොඩාක් දේවල් වල වැඩ කරනවා මේ දවස් වල. ඉතින් ඒක නිසා හොඳ දේවල් වගේම නරක දේවල් වලත් අනිවාර්යයෙන්ම අත්දැකීම් තියනවා. එක නිසා ඒ දෙකම සතුටින් භාරගෙන ඉන්නවා.

* මේනකා මේ දවස් වල කාර්යය බහුලයි කිව්වා මොනවද මේ දවස්වල නියැලෙන වැඩ කටයුතු?

ඇත්තම කියනවානම් මේ දවස්වල ටෙලි නාට්‍ය 5ක පමණ රූගත කිරීම් වල නිරත වෙනවා.ඒ වාගේම ඉතා දැවැන්ත රියැලටි වැඩසටහනක නිරත වෙලා ඉන්නාවා. මොකද රංගනයට වැඩියෙන් මං නර්තනයට ජීවිතයේදී මං ආදරය කරන දෙයක්.මොකද මගේ ජීවිතයේ ආදරය කියන්නේ නර්තනය.  එක නිසා නර්තනයට විශේෂ තැනක් දෙනවා මේ දවස් වල.

* කෙහොමද රංගනයට මුලික අඩිතාලම වැටුණේ ?

 ඉස්සල්ලාම මම ක්ෂේත්‍රයට ආවේ නර්තන ශීල්පිණියක් විදියට වෙනත් රියැලටි වැඩසටහනක් හරහා එකෙන් පස්සේ මට රංගන ක්ෂේත්‍රයට ආරාධනා ලැබුණා. රවින්ද්‍ර විජෙරත්න මහත්මයාගේ රුවන් මාලිගා  ටෙලි නාට්‍යයට. එකේ මම සෙසු චරිතයක් රඟපෑවේ.ඊට පස්සේ ඉගෙනීමේ කටයුතු එක්ක පොඩ්ඩක්  ඒ පැත්තට යොමු වීමේ අවස්ථාව අඩු වුණා. අවුරුදු ගණනාවකට පස්සේ තමයි සිටු මැදුරට සහභාගී වෙන්න අවස්ථාවක් හිමි වුණේ.ඉතින් ඒ ලැබුණු අවස්ථාවත් එක්කම ජීවිතේ එතැන් පටන් රංගනයට පිවිසිලා ඉන්නවා.

* ඇයි තීරණයක් ගත්තේ මම රංගනය පැත්තෙන් ටිකක් ඉදිරියට යනවා නර්තනය පැත්තට නැතුව?

එහෙම තීරණයක් ගත්තේ නැහැ.   මම වෙනත් රටක ගිහින් නර්තනයෙන් උපරීම ජයග්‍රහණය ලබා ගත්තා. මට ඒක දිගටම පවත්වාගන්න බැරි වුණේ මගේ මේ අතේ ආබාදයක් තියනවා. මට වෛද්‍යවරුන් කියලා තියෙන්නේ නර්තනය කරන්නත් එපා කියලා.මම නර්තනය කළේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතිව.ඉතින් අභියෝග ජයගෙන මම ගොඩාක් දේවල් කරන්න කැමතියි.හැබැයි හිතේ පොඩි දුකක් තියනවා ගොඩාක් දේවල් කරන්න බැරි වුණු එක ගැන. මොකද මට මගේ අතේ තියන අමාරුකම නිසයි එහෙම වෙලා තියෙන්නේ.

* තාවකාලිකව නර්තනයෙන් ඉවත් වෙන්නේ නැතැව සාමාන්‍යයෙන් ඉදිරියට යන්න පුලුවන් තත්ත්වයක් නැද්ද මේ තියන සෞඛ්‍ය තත්ත්වයත් එක්ක?


මගේ අත ශල්‍යකර්මයක් කරන්න කියලා තියෙන්නේ. ඒත් මට මේ තියන තත්ත්වය අනුව ඒ වගකීම භාරගන්න බෑ.මගේ අදහසක් තියනවා ඉන්දියාවේ පාසලකට ගිහින් නර්තනය හදාරන්න ඒත් මේ වෙලා තියන තත්ත්වය අනුව ඒ දේට යොමු වෙන්නේ නැතිව පසු බසින්න වෙලා තියනවා.

* එතකොට රංගනය වෘත්තීය විදියට කරගෙන යනවද?  කොහොමද ඉදිරි බලාපොරොත්තු රංගන ක්ෂේත්‍රයේ?

ඔව් දැනට වෘත්තීය වශයෙන් තමයි රංගනය කරගෙන යන්නේ.මේ ක්ෂේත්‍ර යේ ඉදිරියටම ගිහින් හොඳ වැඩ කටයුතු වලට සහභාගී වෙලා ආදරණීය ප්‍රෙක්ෂකයන් අතරේ හොඳ නමක් දිනාගෙන ප්‍රෙක්ෂකයන්ගේ හදවත් තුළ ගොඩාක් කාලයක් රැදිලා ඉන්නයි මට ඕන.

0 comments:

Post a Comment