ශ්‍රී ලංකා සංචාරයේදී තමන් මුණගැසුණු මානව හිමිකම් ක්‍රියාකාරීන්,
මාධ්‍යවේදීන් හා අනෙකුත් පුද්ගලයින් ආරක්ෂා කළ යුතුව ඇති බව එක්සත්
ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවිනීදන් පිල්ලේ මහත්මිය පවසයි.
ඒ පිළිබඳ තම අවධානය යොමුව ඇති බව ඇය කියා සිටියේ අද (09) එක්සත් ජාතීන්ගේ
සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 24 වැනි සාමාන්‍ය සැසිවාරය ආරම්භ
කිරීමෙන් පසු ස්වකීය අදහස් දක්වමිනි.
තමාගේ සංචාරයේදී යුද්ධයෙන් පසුව වූ සිදුවීම් පිළිබඳවත්, පොදුවේ මානව
හිමිකම් සම්බන්ධයෙනුත්, ආගමික නිදහසට එල්ලවී ඇති තර්ජන පිළිබඳවත් අවධානයට
ලක්වූ බව ඇය එහිදී සඳහන් කළාය.
එසේම ශ්‍රී ලංකා සංචාරයේදී යහපාලනය මෙන්ම නීතියේ ආධිපත්‍යය පිළිබඳව සොයා බැලූ බවද නවිනීදන් පිල්ලේ මහත්මිය කියා සිටියාය.
මෙම සංචාරයට අවස්ථාව සලසාදීම පිළිබඳ මෙන්ම තමන්ට පහසුකම් සැලසීම පිළිබඳ
තමන් එක්සත් ජාතීන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ස්තූතිවන්ත වන බවද ඇය එහිදී
සඳහන් කළාය.
මෙම සංචාරයට අදාළව වාර්තාව මෙම මානව හිමිකම් සැසියේදී පසුවට ඉදිරිපත් කරන බවද ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.
Home
»
Human Rights commission
»
official visit to Sri Lanka
»
Pillay
»
politics
»
United Nations
» මා මුණ ගැසුණු අය ආරක්ෂා කළ යුතුයි - නවිනීදන් පිල්ලේ
Friday, September 13, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment