මේනකා මුලදි බොහොම හොඳින් කතා බහ කළා. පසුව ඇයට ඊර්ෂ්‍යාවක් ඇතිවන්නට ඇති.
පසුගිය සරසවිය කලාපය අලුත් පරපුරේ නිළියකවන මේනකා මධුවන්ති තවත් අලුත් පරපුරේ
තරුවක්වන මහේෂි මධුසංඛාට බරපතළ චෝදනා කිහිපයක් එල්ල කළා. කොහොම වුණත් මහේෂි, මේනකාට
පිළිතුරු සපයන්න නොබියව ඉදිරිපත් වුණා. ඇය මෙහි සඳහන්වන ඍජු අදහස් කිව්වේ සරසවියටම
විතරයි. අහලා බලමු මහේෂි මොනවද කියන්නේ කියලා.‘මට ඒ කතාව ඇහුවම හරි දුකක් ඇති වුණා. විශේෂයෙන් කලකිරීමක්’
මහේෂි කතාව පටන් ගත්තේ එහෙමයි.
* ඒත් ඔබ මේ ගැන වැඩිය කතා කළේ නැහැ?
ඒක මම හිතා මතාම කළ දෙයක්. හැබැයි මම ඒ ගැන මුලින්ම කියන්න තීරණය කළා. කොහොම වුණත්, මුලින් ඒ ගැන කවුරු ඇහැව්වත් නොකියා සිටියේ මේනකා ගැන කිසිම දෙයක් මාධ්‍යයකට කියන්න එපා කියලා මට නිර්ණාමික දුරකථන ඇමතුම් දෙක තුනක් ආව නිසයි. මාව මරනවා කියලත් තර්ජනය කළා. ඉතින් මට හරියට බය හිතුණා. මගෙ අම්මටයි තාත්තටයි ඉන්නෙ මං විතරයි. මගෙ ජීවිතයට යම් හානියක් වුණොත් සතියක් දෙකක් කවුරුත් ඒ ගැන කතා කරයි. ඊට පස්සෙ අමතක වෙයි. ඒත් මගෙ අම්මා හැමදාම විඳවයි. මං මගෙ අම්මට හරිම ආදරෙයි.
* දැන් ඔබ නොබියව අදහස් පළ කරන්න හිතුවේ ඇයි?ඔව්, මං මෙච්චර කල් කාටවත්ම මේක කියලා නැහැ. මේනකාගේ ආර්ටිකල් එක දැකලා ගොඩක් දෙනා කිව්වා ඇයි සද්ද නැතුව ඉන්නේ කියලා. මං සද්ද නැතුව හිටියෙ බයටයි. ඕනැදෙයක් වෙච්චාවේ ‘සරසවිය’ පත්තරේ හැමෝම කියවනවා. ඒකයි ‘සරසවියට’ මේ ගැන මං මුලින්ම කිව්වේ. හැබැයි මේක පළ වුණාට පසුව මට යම් අතුරු අන්තරාවක් වුණොත් එහෙම ඒකේ සම්පූර්ණ වගකීම භාරගන්න ඕනෙ මේනකා මධුවන්ති.
* ඔබට මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ගන්න තිබුණනේ?
මගේ අම්මා ඒ ගැන හිතමින් ඉන්නවා. තවදුරටත් මේනකා මාගැන මෙහෙම කතන්දර කිව්වොත් අම්මා නීතිමය ක්‍රියා මාර්ග ගනීවි.
* මේනකා පැවසුවා ඔබ ඇය දැක්කම පණ බයේ දුවනවා කියලා?
ඇත්ත, මං ඇයට පණ බයයි. මොකද මං මගෙ ජීවිතයට ආදරෙයි. ඒක නිසා ඇයට මුහුණ දෙන්න මට
බයයි.* ඔබට කම්මුල් පහරක්වත් ගහන්න කොන්ද පණ නැහැ කියලාත් මේනකා කිව්වා?
ඉතින් අයියේ මං කොහොමද අරවගේ තත්ත්වයක් මත එයාගෙ ඉදිරියට යන්නේ. මං මේනකාට හරි බයයි. චායා ලොකේෂන් එකේදි වුණත් මං ඉන්නේ හරිම පරිස්සමින්. මොන විදිහේ අනතුරක් ඇයගෙන් සිදුවෙයිද දන්නේ නැහැනේ.
* මොකක්ද ඔබ සහ මේනකා අතර ඇති මේ විරසකය?
මේනකා මුලදි මුලදි මගෙත් එක්ක බොහොම හොඳින් කතා බහ කළා. නමුත් ඇයට පසුකාලීනව යම් ඊර්ෂ්‍යාවක් මං කෙරෙහි ඇතිවන්නට ඇති. ඒකට ඇයගෙ වටේ ඉන්න අයත් වග කියන්න ඕනේ. එයාලා එක එක දේවල් කියලා මේනකාව ඇවිස්සුවා. මටත් මේනකාගේ වැරදි කිව්වා එක එක අය. මං ඒවා විශ්වාස කළේ නැහැ. හැබැයි මේනකා කියන තරම් බහින්බස් වීමක් ඇතිවුණේ නැහැ.
* චායා හරිම අවිහිංසක ගති පැවතුම් ඇත්තියක්. මේනකා අදහසක් එක්කොට තිබුණා අවිහිංසක චරිත ලැබෙන්නේ ඒ ගතිගුණයන් ගෙන් ප්‍රතිවිරුද්ධ අයටලු?
චායා කියන්නේ හරිම පින්වත් චරිතයක්. සාමාන්‍යයෙන් තියෙන පින් පව් අනුව තමයි රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට චරිතයක් ලැබෙන්නේ. මගෙ පිනකටයි චායා මට හිමි වුණේ. චායා චරිතය සඳහා මිස් වර්ල්ඩ් ගිය ගැහැනු ළමයෙක් පවා ඇවිත් හිටියා. ඇයව තේරුණේ නැහැ. තෝරා ගැනීමේ පරීක්‍ෂණයෙදි මට ලැබුණු සීන් එකේ හැටියට හිනාවෙලා ඉඳලා එකපාරටම අඬන්න ඕනා. මං ඇඬුවෙ ඇහේ ග්ලසරින්වත් දාන්නෙ නැතිව. එහි අධ්‍යක්‍ෂ සඳුන් රාජකරුණා අයියත් පුදුම වුණා මං අඬපු තාලෙට. ඉතින් චායා මට හිමි වුණා. නාට්‍යය විකාශය වෙනකොට අතිශය ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් චායාව වැලඳ ගත්තා. මේනකාගේ චරිතයවන හර්ෂනීට මිනිස්සු කොහොමත් බනිනවා. මේනකාටත් අවිහිංසක
චරිතයක් ලැබුණොත් මිනිස්සු ඇයට ආදරය කරාවි.
* චායා හි මේකප් ආර්ටිස් සමීර මධු කිඳෙල්පිටිය මේවන විට ඉන් ඉවත් කරලා තියෙනවා. ලැබෙන ආරංචියෙ හැටියට මේනකා, මහේෂි විරසකය තමයි ඊට හේතුව?
මෙහෙමයි, සමීර අයියා හරිම හොඳ මේකප් ආර්ටිස් කෙනෙක්. හොඳට අපිව ලස්සන කරනවා. ඒත් ඔහුව අයින් කිරීම පිළිබඳ අහන්න ඕනෙ චායා ප්‍රඩක්‍ෂන් එකෙන්. මං ඒක ගැන දන්නේ නැහැ.
* අවසන් කොට ඔබට මොනවද කියන්න තියෙන්නේ?
මට අද මැරුණත් කමක් නැහැ. ප්‍රේක්‍ෂකයන්ගෙ හිතේ මං නොමැකෙන සටහනක් තියලා ඉවරයි. හැමදාමත් මහේෂි මධුසංඛාගේ මතකය ඔවුන් අතර ජීවත්වේවි.



0 comments:
Post a Comment