Tuesday, November 26, 2013

මෙවර අයවැයෙන් සහන දෙන ලෙස රාජ්‍ය සේවකයන්, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ සේවකයන් අරගල කරන විට ප්‍රෝඩාකාරී ආණ්ඩුව සිදුකළේ රාජ්‍ය සේවකයාට පමණක් රුපියල් 1200ක අය වැය දීමනාවක් ලබාදී සෑම පවුලකින්ම මාසිකව රුපියල් 2633ක් මංකොල්ල කා ගැනීම බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

එම මධ්‍යස්ථානයේ කැදවුම්කාර කමිටුවේ සාමාජික වසන්ත සමරසිංහ මහතා සදහන් කරන්නේ රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය සේවකයාට මාසිකව රුපියල් 1200ක මුදලක් ලබා දීමට යෝජනා කළත්, 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට 2013 වසරේ නොවැම්බර් මාසය වනවිට හතරදෙනෙකුගෙන් යුත් පවුලක් ජීවත්වීම සදහා මාසිකව වියදම් කළයුතු මුදල රුපියල් 3100කින් ඉහළ ගොස් තිබෙන බවයි.

රාජ්‍ය සේවකයාගේ වැටුප් ගෙවීමට 2014 වසරේ දී රුපියල් කෝටි 1700ක් වියදම් කරන විට භාණ්ඩ හා සේවා බදු වලින් ආණ්ඩුව ලබන වසරේ දී රුපියල් කෝටි 15,800ක් උපයා ගන්නා බවත් මේ අනුව සෑම පවුලකටම ලබන වසරේ දී රුපියල් 31,600ක් රජයට බදු වශයෙන් ගෙවීමට සිදු වන බවද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

0 comments:

Post a Comment