Sunday, September 15, 2013

කවුරු කෑ ගැහුවත් වෙන්න තියෙන දේ වෙයි  - චතුරිකා පීරිස්

මේ දිනවල වඩාත් ජනප‍්‍රිය ටෙලි නළු නිළි යුවල බවට පත්ව සිටින්නේ චතුරිකා පීරිස් හා ගයාන් වික‍්‍රමතිලකය. ඔවුන් දෙදෙනාගේ පලහිලව්වක් ඇති බව මාධ්‍ය විසින් නිතර නිතර මතු කිරීම ඊට හේතුවයි.

චතුරිකා ඔබ මේ දවස්වල මොකද කරන්නේ?


පසුගිය දවස්වල නම් මම පොඞ්ඩක් නිවාඩුවක් ගත්තා. ඒ මගේ පවුලේ වැඩ කටයුතු රාශියක් නිසා. හිරු තනි වෙලා
ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කළා. තවත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් ඉදිරියේදී ආරම්භ වේවි.

ඔබගේ නම හා පුංචි තිරයේ ජනප‍්‍රිය මෙන්ම කුසලතා සපිරි රංගන ශිල්පියකු වන ගයාන් වික‍්‍රමතිලකගේ නම් සම්බන්ධ කරගෙන පැතිර යන කට කතාව පිළිබඳ ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

ඒ ගැන මුකුත්ම මං කියන්නෙත් නෑ. මොකද හේතුව කියලා කිව්වොත් පළමු කාරණය ඒක මගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ දෙයක්. දෙවැනි කාරණය තමයි මේ වෙලාවේ ගැටලූ සහගත කාරණයක් විසඳා ගන්න තිබීමයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කියන්න මම කැමැති නැහැ.

ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ජීවිතය ගැන ප‍්‍රශ්නයක් නෑ. ජීවිතය හොඳයි. ලස්සනයි, සුන්දරයි. සුපුරුදු විදියටම ජීවිතය ගෙවිලා යනවා.

ඔබ මෙතෙක් ජීවිතයේ ගත්ත තීරණ සම්බන්ධයෙන් පසුතැවීමක් තියෙනවද?


මම ජීවිතයේදී ගත්ත තීරණවලින් එකක් හෝ දෙකක් පිළිබඳ මට සෑහීමකට පත්වෙන්න බෑ. නමුත් ඒ තීරණ සම්බන්ධයෙන් මම පසුතැවිලි වෙන්නේ නෑ. මොකද මම හිතන්නේ අප ගන්නා තීරණ නිසා ලැබෙන්නේ අනාගතයට හොඳ පාඩමක් කියලා. ඉතිං අපි දවසින් දවස බොහෝ දේ ඉගෙන ගන්නවානේ. එතකොට මම හිතන්නේ පාසලෙන් හෝ කොයි තරම් සල්ලි වියදම් කිරීමෙන් හෝ ඉගෙන ගන්නට නොහැකි වූ දේවල්. අපට ඉගෙන ගැනීමට හැකි වන්නේ ජීවිතයෙන් බවයි. ඉතිං මම ඒ ගැන පසු තැවන්නේ නෑ. එතැනින් පස්සේ එවැනි දේ නොවෙන්න කටයුතු කරගෙන අධිෂ්ඨානයෙන් ඉදිරියට යන එකයි මම නම් කරන්නේ’.

ඔබගේත්, රොෂාන්ගේත් ආදර සබඳතාවය ගිලිහී යෑම පිළිබඳව මොකද ඔබ සිතන්නේ?


මං ඒක ගැන මොකුත්ම හිතන්නේ නෑ. හිතන්න එහෙම දෙයක් ඇත්තෙත් නැහැ. මිනිස්සුන්ට යමක් සිද්ධ වෙන්න තියෙනවා නම් එක වළක්වන්න කාටවත් බැහැ. යමක් සිද්ධ වෙන්න තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වේවි. වෙන කවුරුත් කෑ ගැහුවත් සිද්ධ වෙන්න තියෙන දේ වළක්වන්න ඒ අයටත් බෑ. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. මේ සියලූ දේ සිද්ධ වෙන්නේ පව්, පින් අනුවයි. මම වැරැුද්දක් කරනවා නම් ගෙනි යන්නේ මමයි.

එහෙම කියලා ඒක වෙන කවුරුවත් ගෙනි යන්නේ නෑ. අනිත් අයත් තමන් කරන දේ ගැන තම තමන්ගේ හිත් දන්නවා ඇති. නමුත් අපට හෘද සාක්ෂියට බොරු කරන්න බැහැනේ. අපට මාධ්‍යයට බොරු කියන්න පුළුවන්. නෑදෑයන්ට, අනිත් අයට බොරු කියන්න පුළුවන්.

නමුත් හෘද සාක්ෂියට බොරු කියන්න බැහැ. තමුන් ගත්ත තීරණය හොඳ හෝ නරක වුණත් තමන් අරන් යාවි. ඒ වගේ තමයි පිටින් ඉඳන් බලාගෙන ඉඳලා තීරණයක් ගත්තත්, මේ සමාජය කොයි තරම් කෑ ගැහුවත්, සමාජයට  ඕන දේ හෝ ලෝකේ ඉන්නා කිසිම කෙනෙකුට  ඕනෑ විදියටවත් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ.

ඒ කියන්නේ ඔබ දෙපළ හිතවත්කමින් කතාබහ කරලා නොගැළපෙන නිසා වෙන් වුණා කියලද?

හිතවත්කමින් කතාබහ කරලා එහෙම එකක් තිබුණේ නැහැ. නීත්‍යානුකූලව වෙන් වුණා. හැම දෙයකටම නීතියක් තියෙනවා. ඒ නීතිය කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැනේ.

නැවතත් ඔබ ආදරවන්තියක් වේවිද?


මේ ලෝකේ යන එක නවතින්නේ නැහැනේ. මේ යන විදියට දිගටම යනවා. මගේ පෙර පින් පව් අනුව එහෙම දෙයක් වෙන්න තියෙනවා නම් වේවි. නොවෙන්න තියේ නම් නොවේවි.

ඔබ ඔය පවසන්නේ අවිවාහකව සිටින බවද?

එහෙම නෑ.

0 comments:

Post a Comment