Monday, November 18, 2013

සුරවිමන, ආදර සංවනිය, බාලොලි මල්, රන් තරු වැනි නිර්මාණ හරහා මේ දිනවල නිතර දකින රුව භාග්‍යා හෙට්‌ටිආරච්චිය. එලෙස නිතර දකින රුවත් සමග ටිකක්‌ කතා නොකළොත් ලොකු අඩුවක්‌ කියලා අපට හිතුණා.

භාග්‍යාට විවේකයක්‌ ඇත්තෙම නැහැ වගෙයි ?

ඇත්තටම විවේකයක්‌ නම් නැහැ.

මේ රස්‌සාව එපාවෙන්නේ නැතිද?

වෙලාවකට එහෙමවෙනවා. මේ වෙලාවේ ලොකු කැපකිරීමක්‌ කරනවා.

ලැබෙන අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා වගෙයි ?

පැහැදිලිවම.

හැබැයි ඉක්‌මන් කොටයි කියලත් කියනවා ?

එහෙම ඉක්‌මන්වීමක්‌ නැහැ. මම මහන්සිවෙලා වැඩකරනවා.

නිළියක්‌ වෙනකොට භාග්‍යාගේ වයස කීයද?

පාසැලේ උසස්‌ පෙළ හදාරනකොට තමයි මම නිළියක්‌ වුණේ.

ඉගෙනීම අතරමග අතහැරලා දැම්මා ?

උසස්‌ පෙළ හදාරලා සරසවි අධ්‍යාපනයට පිවිසුණා. එතැනදී තමයි අධ්‍යාපනය අතරමඟ නැවතුණේ.

රඟපෑම හින්දා ඉගෙනීම අතහැරලා දාපු එක අපරාධයක්‌නේ ?

නැහැ, මම එහෙම හිතන්නේ නැහැ. අනික මට එහෙම අපරාධයක්‌ වෙලා නැහැ. මට හොඳයි.

පුංචි කාලේ ගායිකාවක්‌ වෙන්න හීන දැකපු හින්දද ගීතයක්‌ කළේ ?

ගීතයක්‌ කළේ විනෝදාංශයට. ගායිකාවක්‌ වෙන්න හිතාගෙන නෙමෙයි.

දියමන්ති මාලයට ලැබෙන ප්‍රතිචාර ?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

පුංචි තිරයෙන් ඈත්වෙලා ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්නද සූදානම ?

මට සූදානම් වෙන්න දෙයක්‌ නැහැ. ගොඩක්‌ කාලෙක ඉඳන් මට ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබෙනවා. ඉඳලා හිටලා තමයි ඒ ආරාධනා භාරගන්නේ.

සමහරු කියනවා භාග්‍යයාට සින්දු කියන්න බැහැ කියලා ?

එහෙම කවුරුත් මගේ මුහුණට නම් කියලා නැහැ. හැමෝම කියන්නේ ලස්‌සනට සින්දු කියනවා කියලයි.

මේ ලැබෙන ජනප්‍රියත්වය විඳදරාගන්නේ කොහොමද?

ඒ ගැන මම එච්චර හිතන්නේ නැහැ. මගේ ජොබ්එක හරියට කරන එක ගැන විතරයි හිතන්නේ. එතැනින් එහාට ජනප්‍රියද නැද්ද කියලා කියන්න මම දන්නේ නැහැ. මම කැමැති හොඳ දෙයක්‌ කරන්න.

අද කාලේ මෙතැන අහන්න දකින්න ලැබෙන දේවල් දැක්‌කහම හිතෙන්නේ නැතිද ගෙදරට වෙලා හිටියානම් හොඳ නැතිද කියලා ?

ඈත්වුණා නම් හොඳයි කියලා මට නම් හිතෙන්නේ මහන්සි වැඩි හින්දා. ඒකට හේතුව මගේ වැඩක්‌වත් කරගන්න වෙලාවක්‌ නැති හින්දා.

ඔබට එවැනි ප්‍රශ්න නැහැ ?

මට එහෙම ප්‍රශ්න මෙතැන ඇතිවෙලා නැහැ.

ප්‍රශ්න ඇතිවෙන විදිහට වැඩකරලා නැතිද?

මම කොහොමටත් ප්‍රශ්න ඇතිවෙන විදිහට වැඩකරන්නේ නැහැ. හැබැයි අසාධාරණයක්‌ වුණොත් මම ඒ වෙනුවෙන් ඕනෑම වෙලාවක කතා කරනවා.

දැන් හරියට කටකතා එහෙම පැතිරෙන කාලයක්‌ ?

පොඩිදෙයක්‌ වුණත් ලොකුවට කටකතා පැතිරෙනවානේ. ඒක ඉතිං සාමාන්‍ය දෙයක්‌.

ඔබට කටකතාවක්‌ හැදුණොත් ?


ප්‍රශ්නයක්‌ නැහැ. මම ගැන කවුරුහරි කතාවෙනවාට මම කැමැතියි.

මෙහෙම හතිදාගෙන දුවන්නේ සම්මාන බලාගෙනද?

අනේ නැහැ. මම සම්මාන බලාගෙන වැඩකරන්නේ නැහැ. හොඳම නිළියට සම්මානයක්‌ ලැබෙනවා නම් මම කැමැතියි.

හොරෙන්ම පෙම් කරනවා කියලත් ආරංචියි ?

ඒ ගැන මම දැන්ම කතා කරන්න කැමැති නැහැ.

විශ්වාසයක්‌ නැති ආදරයක්‌ද කරන්නේ ?

එහෙම දෙයකට නෙමෙයි. මම ඉන්න ක්‍ෂේත්‍රය අනුව ඒ වගේ දෙයක්‌ දැන්ම කියන්න කැමැති නැහැ.

ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අඩුවෙයි කියලා බයයිද?

එහෙම දෙයක්‌ නැහැ. ගොඩක්‌ අය දන්නවා මට පෙම්වතෙක්‌ ඉන්නවා කියලා. හැබැයි මම ඒ ගැන දැන්ම කියන්නේ නැහැ. එච්චරයි.

දිවයාන - දිනේෂ් විතාන
ඡායා - සිතුමිණ ප්‍රනාන්දු

1 comments: