Sunday, September 15, 2013

අමිලා දික්කසාදය ගැන කතාකරයි

මේ දවස්වල මොනවාද කරන්නේ?

මේ දවස්වල ව්‍යාපාරික කටයුතු වල නිරත වෙලා ඉන්නවා. සැලූන් එකක් තියෙනවා. ඊට අමතරව සාරි ෂෝප් දෙකක් තියෙනවා. ගොඩක් රැු වෙනවා ගෙදර එනකොට. දවල්ට තමයි නිදහසක් තියෙන්නේ. ඒ අතර අලූත් ගීත කිහිපයක් ඉදිරයට එන්න තියෙනවා.

ඔයා දික්කසාද වෙනවා කියලා ආරංචියි?


ආටිස්ටලාට හැදෙන කට කතා සාමාන්‍ය දෙයක් වෙලා. දික්කසාද කියන දේත් එහෙම තමයි. මමත් ඒ අතර ඉන්න  කලාකරුවක්. කලාකරුවන්ගේ දික්කසාද සම්බන්ධයෙන් කට කතා පතුරුවන අයත් ඉන්නවා. එහෙම අයව දුරින් තියන්න  ඕනෑ. අපි අනුවණ අය කියන කට කතා ගනන් ගන්නේ නෑ.අනික අපිට ඔය කට කතා ගැන හිතන්න වෙලාවකුත් නෑ.

ඔයාගේ සැමියා ගැන මොකද හිතන්නේ ?

එයා නැතිනම් අද අමිලා කෙනෙක් නෑ. එයා තමයි මගේ හැම වැඩකටම සහයෝගය ලබා දෙන්නේ. අපේ ව්‍යාපාර කටයුතු වගේම මගේ කලා ජිවතයට වුණත් එයා තමයි මාව දිරි ගන්වන්නේ.

කාර්ය බහුලත්වයත් සමඟ දරුවන් ගැන සොයන්නේ කොහොමද?

කොයි තරම් කාර්ය බහුල වුණත් දරුවන් ගැන හොයලා බලනවා. දරුවන්ගේ පාසල් වැඩ කටයුතු වලට වුණත් මම හොයලා බලනවා. අපි තුන්වේලම කන්නේ ගෙදර උයාගෙන. ඒ අයට ලැබෙන්න  ඕනෑ සෙනෙහස ආදරය මම ඒ අයට උපරීම ලබා දෙනවා.

රංගනයෙන් ඇත් වුණාද?


එහෙමත් නෑ. දරුවන් වෙනුවෙන් ටික කාලයකට ඇත් වුනා.දැන් රඟපාන්න ආරාධනා ලැබුණා. නමුත් හොඳ චරිතයක් ආවොත් හිතලා බලලා සැමියා කැමැතිනම් රඟපාන්න යනවා.

අවසාන වශයෙන් ඔයාට මොනවා ද කියන්නේ?


අපේ පවුල ගොඩක් හැල හැප්පීම් මැද්දේ තමයි මේ ගමන ආවේ. මොන දේ වුණත් අපි දික්කසාද වෙන්නේ නෑ. පවුල් ප‍‍්‍රශ්න අපේ නෑ. අපි ගොඩක් සන්තෝෂයෙන් ඉන්නේ. අද අපි සෑහෙන ජයග‍‍්‍රහණයක් කරලා තියෙනවා. මොන තරම් අභීයෝගය ආවත් අපි මේ ගමන නවත්වන්නේ නෑ. මගේ ගීත කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. එවා මගේ පේ‍‍්‍රක්‍ෂකයන්ට ඉදිරියේදී දක ගන්න අවස්ථාව ලැබෙයි.

1 comments:

  1. මාර කේස් එකක් ... මම හිතුවෙ ඩිවෝස් වෙන්න යනවා කියලයි... [-(

    ReplyDelete