Tuesday, September 17, 2013

විවාහ වෙන්න හොඳ කෙනෙක් ලැබෙනකම් ඉන්නවා

පුජා උමාශංකර් ලංකාවට දැන් අමුත්තෙක් නොවෙයි. ඒ තරමටම ලංකාවේ රසික රසිකාවියන් පිරිසත් ඇය වටා රොක්වෙලා සිටිනවා. ඇය මේ දවස්වල ලංකාවට ඇවිත්

පුජාගේ අලූත් චිත‍‍්‍රපටයක් එනවා කියලා ආරංචියි?

ඔව්. විඩියුම් මුන් කියන චිත‍‍්‍රපටය තමයි ප‍‍්‍රදර්ශනය වෙන්න තියෙන්නේ. ඒ චිත‍‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ හොලිවුඕ චිත‍‍්‍රපට අධ්‍යක්‍ෂ බාලාජි කේ.කුමාර් කියන අධ්‍යක්‍ෂකවරයායි. මේ චිත‍‍්‍රපටය ප‍‍්‍රදර්ශනය වන දවසක් නම් තාම නැහැ. කොහොම වුණත් තව සතියක ඇතුලත චිත‍‍්‍රපටය ප‍‍්‍රදර්ශනය ආරම්භ කරයි.

ලංකාවේ චිත‍‍්‍රපටයකට පුජාට ආරාධනා ලැබිලා නැද්ද?

මගේ හිතට දැනෙන, මොලයට දැනෙන, පේ‍‍්‍රක්‍ෂකයන්ට දැනෙන්න දෙයක් කරන්න පුළුවන් චිත‍‍්‍රපටයක් මේ වෙනකන්ම මට ආරාධනා ලැබිලා නැහැ.

ජුපා මේ දවස්වල ලංකාවට ආවේ විශේෂ කාරණයක් නිසා කියලා ආරංචියි?

මගේ ආච්චි අම්මාගේ දානේ තිබුණා. ආච්චි නැතිවෙලා අවුරුද්දක් වුණා. ආච්චි අම්මාගේ දානෙට තමයි ලංකාවට ආවේ. ඊට අමතරව දෙරන ෆිල්ම් අවෝඕ එක තියෙනවා. මේ සම්මාන උලෙලට කුසපබා චිත‍‍්‍රපටය නොමිනේෂන් වෙලා තියෙන්නේ. සම්මාන උලෙලට නොමිනේෂන් වුණු හැම චිත‍‍්‍රපටයකම ඒ චිත‍‍්‍රපටය අදාල කණ්ඩායම සමඟ සම්මුඛ සාකච්ඡුුාවක් තියෙනවා. ඒක ඉවර වුණ ගමන්ම මම ආපසු යනවා.

කුසපබා චිත‍‍්‍රපටය ඔයාගේ ජිවිතේ හැරවුම් ලක්‍ෂයක් කියලා කියන්න පුළුවන්ද? 

ඇත්තටම ඔව්. මගේ ජිවිතේ ලොකු හැරවුම් ලක්‍ෂයක් ඒක. ඉන්දියාවේ මම චිත‍‍්‍රපටයක් කලා දමිල චරිතයක් හිඟන්නියකගේ. ඒ චරිතය කරලා සම්පුර්ණයෙන්ම ඒකෙන් කණපිට රාජ කුමාරියගේ චරිතයක් කිරීමට ලැබීම මගේ වාසනාවක්. දැන් තිරගත වන්නට තිබෙන චිත‍‍්‍රපටයත් මගේ ජිවිතේ හැරවුම් ලක්‍ෂයක්. නාන් කඩවුල් චිත‍‍්‍රපටයේ තමයි හිඟන්නියගේ චරිතයක් රඟපැවේ. මම ආසාවෙන් කරපු චරිත තුනක් තමයි මේ චිත‍‍්‍රපට තුනේම තියෙන්නේ.

පුජාට ලංකාවේ ශිල්පීන් එක්ක වැඩ කරන්න පහසු වුණාද?
 


ඇත්තටම ගොඩක් පහසු වුණා. චන්න, රොෂාන්, ජැක්සන් අයියා, කුසුම් රේණු, විණා ජයකොඩි, චාන්දනි සෙනෙවිරත්න වගේ දක්‍ෂ රංගන ශිල්පීන් සමඟ වැඩ කටයුතු ලැබුණු එක ඇත්තටම මට ලොකු ගෞරවයක් සහ ලොකු අවස්ථාවක්.

එහෙනම් පුජාට ගොඩක් යාළුවෝ ඇති ලංකාවේ?

නැහැ. ලංකාවේ මට එච්චර යාුළුවෝ නැහැ. නිරෝෂා පෙරේරා, උපේක්‍ෂා, උමාලි වගේ හොඳ යාළුවෝ කිහිපදෙනෙක් ඉන්නවා.

පුජාට ලංකාවේ රඟපාන්න භාෂාව ප‍‍්‍රශ්නයක් වුණෙ නැද්ද?

භාෂානව මුලදී ප‍‍්‍රශ්ණයක් වුණා. ඒත් පස්සේ ටික ටික මම ඒක හදාගත්තා.  ඕනෑම චිත‍‍්‍රපටයත චරිතයට දැනෙන හැඟිම් සහ හැසීරීම් එකයි. ජපානයේ, ප‍‍්‍රංශයේ, ඉරානයේ චිත‍‍්‍රපටයක් වුණත් ඒ චිත‍‍්‍රපටයේ තියෙන්නේ හැඟිම්.

පුජා උමාශංකර්ගේ ජිවිතේ ඉලක්ක මොනවාද?

මට  ඕනේ සතුටින් ඉන්න. මනස නිදහස් කරගෙන ජිවත් වෙන්න. රැුට නිදාගන්න යද්දි හිනාවෙලා, ෂතුටින්, මනස නිදහස් කරගෙන නිදා ගන්න යන්න.

පුජා විවාහ වෙන්න පරක්කු මොකද?

විවාහ වෙන්න ගොඩක් හොඳ කෙනෙක් ලැබෙන  ඕනනේ.ඉතිං හොඳ කෙනෙක් ලැබෙනකම් ඉන්නවා.

ඔයා ඔය හොඳයි කියන ගතිගුණ මොනවාද?

ගොඩක් අවංක වෙන්න  ඕනේ. වංචා කරන කෙනෙක් හම්බවෙලා මගේ ජිවිතේ එයාගේ අතට දුන්නොත් ඉවරයිනේ. දැන් ගොඩක් ඉන්නේ බැටළු හම් පොරෝගත්තු වෘකයෝ. ඒ වගේ මිනිස්සුනගෙන් මම පරිස්සම් වෙන්න  ඕන.

පුජාට පෙම්වතෙක් ඉඳලම නැද්ද?

නැහැ. ඇත්තටම මට පෙම්වතෙක් ඉඳලම නැහැ. පිරිමි යාළුවෝ නම් ගොඩක් ඉදලා තියෙනවා. මොකද මම පාසල් ගියේ කොන්වන්ට් එකකට. ගැහැණු ළමයි විතරයි හිටියේ. ඒ යාළුවෝන්ගේ අයියලා හිටියා. එයාලගේ යාළුවෝ හිටියා. ඉතිං ඒ හැමෝම මගේ යාළුවෝ වගේ.

ඒ කාටවත් ඔයාගේ හිත ඇඳිලා ගිහින් නැද්ද? 



අපෝ නැහැ. එයාලා මගේ හොඳ යාළුවෝ විතරමයි.

පුජාට ලංකාවේ නතර වෙන්න හිතෙන්නේ නැද්ද?


මේ ලොකේ ලස්සනම තැන ලංකාව. මම මේ ලෝකේ  ඕනේම තැනකට ගියොත් කියන්නේ ලංකාව තරම් මං ආසා කරන තැනක නැහැ කියලා. ඒ තරමටම මම ලංකාවට ආදරෙයි ආසයි.

ඉතිං ලංකාවේ නතර වුණොත් නරකද?

ඒක නම් කියන්න බැහැ. අපි දන්නේ නැහැනේ අනාගතේ කොහොම වෙයිද කියලා.

පුජා ලංකාවේ කෙනෙක් එක්ක විවාහ වෙයිද?

කියන්න බැහැ. මොනවා වෙයිද කියලා. අම්මා හැම වෙලාවෙම කියන්නේ උඩින් පේන මනුස්සයා නෙවෙයි යටින් ඉන්නේ කියලා. ඒ නිසා ඉන්දියාවේ කෙනෙක් වුණත්, ලංකාවේ කෙනෙක් වුණත් හොඳට හොයලා බලලා තමයි විවාහ වෙන්නේ.

පුජා දැන්වත් කේන්ති යන එක පාලනය කරගෙන නැද්ද?

මට අසාධාරණය පේන්නේ බැහැ. ඉස්සර පාසල් යන කාලේ මම යාළුවොත් එක්ක බස් එකේ යනකොට කාට හරි අසාධාරණයක් වුණොත් මම ඒකට කතා කරනවා. අදටත් මම එහෙමයි.

ඒක ඔයාගේ පැවැත්මට අවාසියක් නෙවෙයිද?

මගේ ජිවිතේ කේන්ති ගිය තැන් ගොඩක් අඩුයි. අතේ ඇඟිලි ගාණටත් අඩුයි. මගේ ජිවිතේටස හතර පාරක් වගේ තමයි හොඳටම කේන්ති ගිහින් තියෙන්නේ. දුක හිතෙන වෙලාවල් නම් අනන්තවත් තියෙනවා. පාරේ ගියත් දුක හිතෙන ඒවා ගොඩක් තියෙනවා.

පුජාට ස්තුති කරන්නත් අය ඇතිනේ?

ඔව්, ඇත්තටම ඔව්. මගේ පේ‍‍්‍රක්‍ෂකයන් තමයි මාව රංගන ශිල්පිනියක් කරලා තියෙන්නේ. එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

ඉමල්කා ගුණවර්ධන
රිවිර රිවිසරණි

0 comments:

Post a Comment