Wednesday, September 18, 2013

සන්ජු රසංගා රොද්‍රිගෝව මුලින්ම අපි අඳුර ගත්තෙ ගුවන්විදුලි නිවේදිකාවක් විදියට. ටික කාලෙකින් ඇය රූපවාහිනි නිවේදිකාවක් බවට පත් වෙනවා. ඊට පස්සෙ රංගන ශිල්පිනියක් වෙනවා. ඒ කියන්නේ විවිධ සේවා චරිතයක්.

ගුවන්විදුලියෙන් රූපවාහිනියට ඊට පස්සෙ රංගනයට, ඊටත් පස්සෙ කොහාටද?

ඊට පස්සෙත් ඉතින් ඔහොමම යාවි. අනාගතය ගැන අයිඩියා එකක් නෑ. දැනට ඔහොම තමයි.

* එක ක්‍ෂේත්‍රයක රැඳෙන්නෙ නැත්තෙ හැකියාවේ දුර්වලතා හංගන්න නේද?

නෑ. එහෙම ප්‍රශ්නයක් මට නෑ. මට හැම ක්‍ෂේත්‍රයකින්ම වටිනාකමක් ලැබිල තියෙනවා. රේඩියෝ එකේ අපිව පේන්නේ නෑ. ඒත් සමහර මිනිසුන්ට මාව තාම මතකයි. ටෙලිනාට්‍ය නම් සීමිතව තමයි රඟපාන්නේ.

* සීමිතව රඟපානව කියන්නෙ ආරාධනා ලැබෙන ඒවයෙ විතරක් රඟපානව කියන එක නේද? නැතුව තෝර බේර ගෙන නෙවෙයිනෙ?
තෝරා බේරා ගැනීමක් නෙවෙයි. දැන් කට්ටිය ටෙලිවලට කතා කරන්නෙ මෙහෙමයි. "නංගි මේ නාට්ටිය සුපර් හිට් එකක් වෙනවා. අපි ඔයාට දීල තියෙන්නෙ ලොකු කැපෑසිටි එකක් තියෙන කැරැක්ටර් එකක්" වගේ ගොඩක් දේවල් කියලා අන්තිමට අපි ගාණ කිව්වාම "අනේ නංගි අපේ බජට් එකේ ඒ තරම් ගාණක් නෑනෙ" කියනව. ඒ වගේ දෙකයි පනහෙ ඩ්‍රාමාවලට යනවට වඩා හොඳයි ලේන්සුවක් දාල පාරේ හිඟාකනව.

* සංජුව අපි දැක්කෙ මෙගා හරහා වැඩිහරියක්ම. ඒත් මෙගා නිළියට වටිනාකම අඩුයි නේද?
මම මෙහෙම කියන එක හොඳ නැති වෙන්න පුළුවන්. එහෙම වටිනාකම් අඩුවෙන්නෙ දේවතා එළි වගේ නිළියන්ගෙ විතරයි. ඒ වගේ අය තමයි ඔය පොලිසිවලට එහෙමත් අහුවුණේ හොටෙල්වල ඉඳල. පත්තරවල පළ වෙන්නෙ නිළියො කියලනෙ. මම ඉල්ලා සිටිනව එහෙම අහුවෙන අයට නිළියො කියන වචනෙ භාවිත කරන්න එපා කියලා.

* සංජුට අධ්‍යක්‍ෂවරු ලොකේෂන් බලන්න යන්න කතා කරන්නෙ නැද්ද?
මට නං එහෙම නෑ අයියෙ. සමහරු හිතයි මම බොරු කියනව කියල. හැබැයි මට එහෙම ආව නං එයා එතනම ඉවරයි. මම සැර වැඩි නිසාද මම දන්නෙ නෑ අද වෙනතුරු දෙයියනේ කියල කිසිම කරදරයක් නෑ. මගේ මාම් (සිනාසෙයි) මගේ අම්මාපල්ලා කවුරුවත් මට ඒ වගේ අයුතු යෝජනා කරල නෑ.

* සංජු දැනට නිරත වන ක්‍ෂේත්‍රයන් තුනටම සම්මාන ලැබෙනව විවිධ අංශයන් සඳහා. ඒත් සංජු සම්මානයක් ලබන්න තියා නිර්දේශ වෙන්නෙවත් නෑනෙ?

මම දායක වෙන්නෙ මෙගා නාට්‍යවලටනෙ. ඉතින් මෙගාවලට සම්මාන ලැබෙන්නෙ නෑනෙ. දැන් බලන්නකො 'ගෑනු ළමයිවලටත්' සම්මානයක් නෑනෙ.

* පහුගිය අවුරුදු පහේම ජනප්‍රියම නිළිය බිහිවුණේ මෙගාවලින්...
ඒක නම් එහෙම තමයි. එහෙනම් මම ජනප්‍රිය නැතුව ඇති නේද? මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. සම්මාන දෙන සභාවක් ඉන්නවනෙ. ඒ අයට මෙගා දිරවන්නෙ නෑ. ඒකයි ඒවට සම්මාන නැත්තෙ.

* හරි අපි රංගනය අතහරිමුකෝ. නිවේදක භූමිකාවටත් ඒ ආනිසංසෙම තමයි නේද?
ඒ ගැන නම් දන්නෙ නෑ ඉතින්. මම හොඳ නැතුව ඇති ඓහෙනම්.

* හොඳ වෙන්න මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?  මාව පාරෙදි දැක්කාම මිනිස්සු 'ආ... සන්ජු ඔයා හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා" කියල කියනව. මට ඒ ඇති. මට ඔය සම්මාන උළෙලවල්වලට කූපන් දාන්න ආසාවක් නෑ. පොඩි කාලෙ මට මතකයි 'මව්බිම' පත්තරේ සුමති සම්මාන උළෙලෙ කූපන් පළ වෙනවා.

* සංජු ඒ 'මව්බිමේ' නෙවෙයි 'ලක්බිමේ'
ආ... ඔව් ඔව් 'ලක්බිමේ' තමයි. සම්මාන ගන්න තියා උළෙලවල්වලට ආරාධනාවත් ලැබෙන්නෙ නැති අවස්ථාත් ඕනෙ තරම් තියෙනවා. සම්මාන උළෙලවල් කියන්නෙත් රියැලිටි ෂෝවලට. කැම්පේන් කරල මනාප ගන්න ඕනෙ.

* නියම තැනට සංජු ආවේ. ඇයි රියැලිටි ෂෝවලවත් දකින්න ලැබෙන්නෙ නැත්තෙ?
ආපෝා්ා්... මට නම් ගොඩක් කතා කළා. අනේ අයියෙ මම ආස නෑ ඉ.ර්.ඉ. හිඟාකන්න. අනික ටික දවසකට පස්සේ "අරය මෙහෙමයි, මෙයාට ජජස්ලා අදිනව, චැනල් එක හිතලමයි මාව කැපුවේ" වගේ දේවල් මම කියන්නෙත් නෑ. කියනව අහන්න ආසත් නෑ.

* රූපවාහිනි නිවේදිකාව කියන්නෙත් අද වෙනකොට සේල්ස් රෙප් කෙනෙක් නේද?
ඒක වෙන්නෙ මෙහෙමයි. දැන් හැම චැනල් එකකම වගේ ලයිව් ප්‍රෝග්‍රෑම්වලට ස්පොන්සර්ස්ල ඉන්නවා. මේක මූණෙ ගාන එක කියයි, අරක ඔළුවෙ ගාන එක කියයි. ඒ ඇතුළෙ නිවේදිකාවට කරන්න තියෙන්නෙ එකම ප්‍රශ්න ටික කරකවලා ආපහු අහන එක විතරයි තමයි.

* දවසකට ඒ වගේ වැඩසටහන් 10ක් පටිගත කරනවා නම් සංජුට තියෙන්නෙ ඇඳුම් 10ක් ගන්න විතරයි නේද?
ඇත්ත. අලුතෙන් කරුණු හොයාගැනීමක් අවශ්‍ය නෑ. ස්වර්ණවාහිනියෙ ලයිව් ප්‍රෝග්‍රෑම් පැය හතරක් යනවා. ඒකෙන් තුනහමාරක්ම ස්පොන්සර් ප්‍රෝග්‍රෑම්. අපිට තියෙන්නෙ හඳුන්වල දීල පොඩි ආරම්භයක් ගන්න විතරයි.




* කඩේ යෑමක් නේද ඔය කරන්නෙ?
ඔව්. මම ස්වර්ණවාහිනියට කඩේ යනවා. ඒත් සමහර අවස්ථාවල හිතෙනව මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් නේද කියල. ඇත්තටම අද රසිකයන්ගේ මනසට යමක් දෙන්න පුළුවන් වැඩසටහන් නෑ. මම මේ කියන්නෙ ස්වර්ණවාහිනිය ගැන විතරක් නෙවෙයි, හැම ඊ.ඍ. චැනල් එකකම තත්ත්වේ ඕක තමයි.

* ඉස්සර නිවේදිකාවට තිබුණු වටිනාකමත් අද නෑනෙ?
ඒක ඇත්ත. මම ඇතුළු සමස්ත නිවේදිකාවෝම ඒකට වගකියන්න ඕන. ආයතන ප්‍රධානීන්ට ඕන ස්පොන්සර්ස්ල විතරයි. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි ඒ අය.


* හරි සංජු මීට අමතරව ඔයාට මොනව හරි විශේෂයෙන් කියන්න තියෙනවද?
නෑ අයියෙ. මම කියපුවා අවුලක් නෑනෙ.


සුපුන් රත්නායක


0 comments:

Post a Comment