Sunday, November 24, 2013

තම සේවය ස්ථීර නොකිරීම සම්බන්ධයෙන් කලකිරී සිටි දුම්රිය සේවකයෙක් දුම්රියට පැන සිය දිවි නසා ගෙන ඇත. 

මෙසේ සිය දිවි නසා ගෙන ඇත්තේ හොරණ පදිංචි බුද්ධික නිශාන්ත (38) නම්වු දෙදරු පියෙකි. සෙනසුරාදා(23)අලුයම හලාවත සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියට නාත්තන්ඩිය දුම්රිය ස්ථානය අසලදී මෙම අය පැන ඇති බව මාරවිල පොලීසිය කියයි. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් සේවකයෙකු ලෙස සේවය කර ඇති ඔහු තම සේවය ස්ථීර කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් කටයුතු නොකරණ බව පවසමින් සිටි බව මිය ගොස් ඇති අය සමග සේවය කරණ සෙසු සේවකයින් සදහන් කරයි.
 
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

0 comments:

Post a Comment