Monday, December 2, 2013

මේ දිනවල සියලුම මාධ්‍ය වල ආන්දෝලානාත්මක කතා බහට ලක් වී ඇති ‘සලාකා රෙජිනෝ' කැසිනෝ ශාලාවේ හිමිකාරිය වන වජිරා ජානකී නෙත්තිකුමාර හට ජාතික ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ‘පැණි හුලා' නැමැති අන්වර්ථ නාමයෙන් මිතුරන් හදුන්වන ලක්ෂ්මන් හුළුගල්ල රුපියල් මිලියන 200 ක් පොරොන්දු නෝට්ටු මත ආයෝජනය කර ඇති බව වාර්තා වේ.

මෙම මුදල ‘පැණි හුලා ' විසින් වජිරා නෙත්තිකුමාරට දී තිබෙන්නේ ඔහුගේ අනියම් පෙම්වතිය වන සුධර්මා නෙත්තිකුමාරගේ ඉල්ලීම මතය. ‘පැණි හුලා' විසින් අයථා ක්‍රම වලින් උපයා ගන්නා ලද ඩොලර් මිලියන ගණනක් මේ වන විට මැලේසියාවේ බැංකු කීපයක තැන්පත් කර තිබේ. ඊට අමතරව මැලේසියාව තුල දේපළ රාශියක් ‘පැණි හුලා' විසින් මිලදී ගෙන ඇත. ආණ්ඩු වෙනසක් සිදු වුවහොත් මැලේසියාවට පැන යාමට ‘පැණි හුලා' සහ සුධර්මා නෙත්තිකුමාර මේ වන විටත් සැලසුම් කර අවසන්ය.

ලක්ෂ්මන් හුළුගල්ල නොහොත් පැණි හුලාට ප්‍රථම වතාවට සුධර්මා නෙත්තිකුමාර හඳුන්වා දෙනු ලබන්නේ ක්‍රිෂානි ගුණතිලක නැමැති තැනැත්තියක් විසිනි. ක්‍රිෂානි ගුණතිලක යනු කටුනායක ‘Good Wood Plaza' හෝටලය හිමි ‘ඩැනී බ්‍රදර්ස්' සමාගමේ හිමිකරුවාගේ බිරිඳයි. සුධර්මා ශෂී වීරවංශ  මහත්මියව හඳුනාගන්නේද මෙකී ක්‍රිෂානි ගුණතිලක මාර්ගයෙනි. මෙම සියළුදෙනාගේ රස්සාව මුදල් පොලියට දීමයි. සුධර්මා කරන්නේ විවිධ අයගෙන් මුදල් ලබාගෙන ‘පැණි හුලා' ගේ හයියෙන් ඒවා නොගෙවා සිටීමයි.

සුධර්මා හා වජිරා කැප වී සිටින්නේ එක අරමුණක් වෙනුවෙනි. එනම් නෙත්තිකුමාර පවුල නැති බංගස්ථාන කිරීමයි. ඒ සඳහා ඔවුන්ට ආධාර හා අනුබල සපයන්නේ ‘පැණි හුලා' හෙවත් ලක්ෂ්මන් හුළුගල්ල විසිනි. ලක්ෂ්මන් හුළුගල්ලට ආරක්ෂක ලේකම්වරයා මෙතරම් භය ඇයි දැයි ජනාධිපතිවරයාට පවා නොවැටහේ. ‘මේ යකා අපේ එකාට වශී ගුරුකමක් කරලද දන්නෑ.' යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසන්නේ ලක්ෂ්මන් හුළුගල්ල මොන අපත වැඩක් කලත් ආරක්ෂක ලේකම්වරයා ඒවා නොදුටුවා සේ සිටීම නිසයි. නමුත් තතු දත් ආරංචි මාර්ග පවසන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ පුද්ගලික ධනස්කන්දය ආයෝජනය කර ඇත්තේ ‘පැණි හුලා' නිසා ඔහු ආරක්ෂක ලේකම්වරයාව අල්ලේ නටවන බවයි.

‘පැණි හුලා'ගේ අනෙක් ගජයා වන්නේ ‘ඇවන් ගාඩ්' ආරක්ෂක සමාගමේ විශ්‍රාමික කපිතාන් නිශ්ශංක සේනාධිපති ය. සුධර්මාගේ නිවසට ‘ඇවන් ගාඩ්' ආරක්ෂක රැකවළුන් දහ දෙනෙකු මුලදී සපයා තිබුණි. ඔවුන්ගේ ප්‍රධාන කාරිය සුධර්මාගේ නීත්‍යානුකූල සැමියා වන ගාමිණී නෙත්තිකුමාර නිවසට පැමිණීම වැලැක්වීමයි. ගාමිණී නෙත්තිකුමාර ජනාධිපතිවරයාට වැඳ වැටී ‘ඇවන් ගාඩ්' රැකවළුන් ගණන තිදෙනෙකුට බස්සා ගෙන තිබිණ.

මේ දිනවල ආරක්ෂක රැකවළුන් ගාමිණී නෙත්තිකුමාරට කරදර කරමින් සිටින්නේ සුධර්මාට වහාම දික්කසාදය ලබා දෙන ලෙසයි. මන්ද යත් ‘පැණි හුලා' මෙම වසර අවසාන වීමට පෙර කසාද බඳින බවට සුධර්මාට පොරොන්දු වී ඇති බැවිනි. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ මොවුන් දෙදෙනා මේ වන විටත් විවාහ වී ඇති බවත් පසුව ඔවුන්ගේ  නීතිඥවරුන් විසින් ද්විත්ව විවාහයේ ඇති බරපතලකම දෙදෙනාට පැහැදිලි කර දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා බිය වී තමන්ගේ සහකරුවන්ට තග දමමින් දික්කසාදය ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

-ලංකානිව්ස්වෙබ්

0 comments:

Post a Comment