Sunday, May 18, 2014

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය විසින් මෙරට කාන්තාවන් පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඊ – විමෙන් (e-women) නමින් නවතම දත්ත පද්ධතියක් සකස් කිරීමට පියවර ගෙන තිබේ.

මෙමගින් වැන්දඹු හා ගෘහ මූලික කාන්තාවන්, ව්‍යවසායක කාන්තාවන් හිංසනයට හා අතවරයට පත් වන කාන්තාවන් සහ සේවා වියුක්ති හා සේවා නියුක්ති කාන්තාවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමට නියමිතය.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය පවසන්නේ කාන්තාවන් ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබල ගන්වා ඔවුන් ජාතික සංවර්ධනයට දායක කර ගැනීමේ දී හා විවිධ පර්යේෂණ හා විශ්ලේෂණ කිරීමේ දී අවශ්‍ය තොරතුරු රැුස් කර විධිමත් ආකාරයෙන් පවත්වා ගෙන යාම මෙහි අරමුණ බවයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අංශය සහ ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සමඟ ඒකාබද්ධව මෙම කාර්යය සිදු කරයි.

0 comments:

Post a Comment