Sunday, October 13, 2013

පසුගිය ජුනි මාසයේ මිය ගිය බොලිවුඩ් නිළි ජියා ඛාන්ගේ මරණය ඝාතනයක් බවට  ඇයගේ මව සැක පළ කරන්නී ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මුම්බායි මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් සිය දියණියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ඇය ඉල්ලා සිට ඇති බව ය.

ඇය එම පෙත්සමෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ, සිය දියණියගේ මරණය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ නිසි පරිදි සිදු වී නොමැති  බව ය. ජියා ඛාන්ගේ නීතිඥයා පවසන්නේ ඇයගේ මරණය ඝාතනයක් බවට සැක කළ හැකි කරණු පවතින  බව ය.

25 හැවිරිදි ජියා ඛාන් සිය නිවස තුළදී ගෙලවැලලාගෙන සිටියදී පසුගිය ජුනි 3 වන දා සොයා ගැනිණ.

ඇයගේ මරණයෙන් සතියකට පසු ඇයගේ පෙම්වතා වූ සුරාජ් පන්චෝලි සැකපිට අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුට මාහාධිකරණයෙන් ඇප හිමි විය.

ජියාගේ පෙම්වතා වූ  සුරාජ් පන්චෝලි බොලිවුඩ් නළු ආදිත්‍ය පන්චෝලිගේ පුත්‍රයා වේ.

රාම් ගෝපාල් වර්මා විසින් රචනා කරන ලද නිෂාබ් චිත්‍රපටයේ රඟ දැක්වූ චරිතයත් සමග ජියා ඛාන් ප්‍රේක්ෂකයින් අතරට පැමිණියා ය.

සම්බන්ධිත ලිපියකි -




0 comments:

Post a Comment