ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතර දුලීකා මාරපනට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. වේදිකාව, පුංචි තිරය, සිනමාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හිම තම ප්‍රතිභාව මැනවින් විදහා පෑ සම්මානනීය රංගන ශිල්පිනියක වන දුලීකා පසුගිය දිනවල උගුර ආශ්රිත ආබාධයකට ලක්වූවාය. මේ වන විට ඇය යළිත් යථාතත්ත්වයට පත්වෙමින් සිටියි. දුලීකා ඇගේ නවතම තොරතුරු අපත් එක්ක කතාබහ කළේ උගුරේ ආබාධය මඳකට අමතක කරමින් රසික ඔබ සඳහාමයි. මේ ඇගේ නවතම තොරතුරුයි.
දුලීකා, කොහොමද ඔබේ තොරතුරු?
“පහුගිය දවස්වල මට කතාකරගන්න බැරුව හිටියා. දැන්නම් යළිත් කටහඬ ලැබිලා. මාස දෙකක පමණ කාලයක් මගේ හඬ පිටවෙන්නේ නැතිව කතාකරගන්න මට බැරිවුණා. ඉතින් දැන් නම් තරමක සුවයක් තිබෙනවා. එනිසා ඒ මාස කීපය පුරාවටම අතපසු වුණු, අතරමඟ නතරවුණු ඒ සියල්ල සිදුවන්නේ වෛද්‍ය උපදෙස් මතයි.”
ඔබට ඇති වූ රෝගී තත්ත්වය මොනවගේද?
“මගේ උගුර ආශ්‍රිතව උගුර ඇතුළතින් ගෙඩි වගයක් හටගෙන තිබෙනවා. මේ හේතුව නිසා ස්වරාලය යම් ඇඹරීමකට ලක්ව තිබෙනවා. ඒ හේතූ දෙක නිසා තමයි කටහඬ පිටවෙන්නේ නැතිව ගියේ. බටහිර වෛද්‍ය ප්‍රතිකාර අනුව නම් ඔපරේෂන් දෙකකට මුහුණ පාන්නට මට සිදුවෙනවා. එනිසා සිංහල වෙදකම් කරලා තමයි මේ තරම් දුරට සුවඅතට හැරිලා තියෙන්නේ.”
වෛද්‍ය ප්‍රතිකාර මත ඔබට කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන්ද?
“මට වෛද්‍යවරුන් උගුර, කටහඬ ආශ්රිත ව්‍යායාම සිදුකිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. මනසට වදයක් නොවන පහසුවෙන් කරන්න පුළුවන්, ආතතියක් ඇති නොවන විදිහේ නිර්මාණ සඳහා දායකවීමට ඔවුන් උපදෙස් දී තිබෙනවා.
ඔබ අසනීප වුණාම කලා ලොවේ මිතුරු මිතුරියන් ගෙන් ලැබුණේ මොන වගේ ප්රතිචාරයක්ද?
“ඇත්තටම මගේ යහළු යෙහෙළියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම ‘අත්තම්මා’ ටෙලි නාට්‍ය කණ්ඩායම මෙතැනදී මතක් කළ යුතුයි. ඒ අය මට ලොකු සහායක් දුන්නා. මගේ පෞද්ගලික ෙද්වල්වලට පවා ඒ නාට්‍ය කණ්ඩායම උදව් උපකාර කළා. ඒ අතරතුර තව සමහරු හිටියා තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න උත්සාහ දරපු අය. මැරෙන්න නොදී මේ මනුස්සය රැකගන්න ඕන කියල හිතන මිනිස්සු හරි අඩු බව මට දැනුණා. වාණිජ පරමාර්ථයෙන් නිර්මාණ කරන සමහරු මනුස්සකම යටපත් කරගෙන කතා නොකර හරි දර්ශනයේ පෙනී හිටින්න කියල ඉල්ලපු අවස්ථා තිබුණා. ඒ වෙලාවලදි මට හරි කනගාටුවක් ඇතිවුණා. නමුත් මගේ අසනීප තත්ත්වය තේරුම් අරන් මා වටේ සිටි මනුෂ්‍යත්වය දන්නා කලාකරුවන්ට මම ස්තුති කරනවා.”
ඔබේ අසනීප තත්ත්වය නිසා ඔබ ප්‍රධාන චරිත රඟපෑ ටෙලිනාට්‍යවලට යම් අපසුතාවකට මුහුණ පාන්න වුණා නේද?
“ඇත්තටම මේ හේතුව නිසා ඒ අයට ලොකු පාඩුවක් සිදුවුණා. විශේෂයෙන් ‘අත්තම්මා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් මම රඟපානවා. ඒ මොහොතේ මට සිදුවූ අසනීප තත්ත්වය නිසා ‘අත්තම්මා’ ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු අතපසු වුණා. ඒත් එයාලා බොහොම උපේක්ෂාවෙන් එය විඳදරා ගත්තා. මට මාස දෙකක් හෝ පහක් විවේකය ලබාදීලා. ඔවුනට අවශ්‍ය වුණේ මගේ අසනීප තත්ත්වය සුව අතට ගෙන ඒම. ඔවුන් ඒ සඳහා මට උපකාර කළා.”
මේ වෙනකොට ඔබ ‘අත්තම්මා’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා යළිත් සම්බන්ධ වී සිටිනවාද?”
“ඔව්. මේ වෙනකොට මම ‘අත්තම්මා’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම මම රංගනය ගැන තව තීරණයක් ගත්තා.
ඒ මොකක්ද”
“මම අසනීප වූ අවස්ථාවේ මං ගැන සොයා බලා මට උදව් පදව් කරපු පිරිසක් වගේම තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගන්න මාව හොයාගෙන ආපු නිර්මාණකරුවන් පිරිසකුත් හිටියා. අපි සරල මිනිස්සු, යක්කු නෙමෙයිනේ. මාව දැඩි පීඩනයකට ලක්කරලා මගෙන් වැඩ ගන්න ඒ විදිහට සූදානම් වූ නිර්මාණකරුවන්ගේ කිසිම නිර්මාණයකට කිසිම දවසක දායක නොවී ඉන්න මම තීරණය කළා.”
මේ විදිහට බලනකොට කලා ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
“කලා ලෝකය කියන දේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපිට විවිධ අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදුවෙනවා. ඉතින් ඒ හැම දේටම අපිට මුහුණ පාන්නට සිදුවෙනවා. අද කලා ශිල්පියෙක් උදේ 7.00ට සෙට් එකට අරගෙන සෑහෙන කාලවේලාවක් රූගතකිරීම් සඳහා යොදා ගන්නවා. හුස්මක් අරගන්න වෙලාවක් නැහැ. එවැනි නිර්මාණකරුවන් අප අතර සිටිනවා. ඒක කලාවට හොඳ දෙයක් නෙමෙයි.
ඔබ කේන්දර, නක්ෂත්රය පිළිබඳව විශ්වාස කරනවාද?
“ඔව්. මම විශ්වාස කරනවා. මගේ කේන්දරයට අනුව මම දැනගෙන හිටියා මේ කාලවකවානුව තුළ මට මේ ආකාරයේ සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදුවන බව. ඒ අතර මානසික පීඩනය, ආතතිය ඒ හා සමගාමීව වැලඳෙන විවිධ ලෙඩ සමඟ මගේ කටහඬත් එක්ක එන දෝෂ මට දැනගන්න ලැබුණා..”
ඔබේ අම්මා ඔබ අසනීප වූ බව දන්නවාද?
“ඔව්. ඇය හැමවිටම මං ගැන හිතනවා. මගේ අනාගතය ගැන වදවෙනවා. අද වනවිට ඇය දණිස් ආශ්‍රිතව ඇටකටු දිරා යාමේ රෝගයට මුහුණ පා සිටිනවා. ඇගේ සියලු උපස්ථාන කටයුතු සිදුවන්නේ මගේ අතින්. ඇයට සිටින එකම දරුවා මමයි.”
මේ දිනවල ඔබ ඉන්නේ කොළඹ ද? ඔබේ ගම්පියස වන කෑගල්ලේ ද?
“මම පසුගිය දා කොළඹ ආවා. ‘අත්තම්මා’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා. ඒ වගේම ‘පුංචි වලව්ව’ කියලා ටෙලිනාට්‍යයකටත් මම දායක වෙනවා.”
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
“මගේ පුංචි බලාපොරොත්තුවක් තිබෙනවා. මම මේ ක්ෂේත්රයෙන් උකහා ගත් දැනුම අත්දැකීම් අනුව කලා නිර්මාණයක් කිරීමට. එය චිත්‍රපටයක් වේවි.
සඳැල්ල - තුෂාරි නේරංජා වික්‍රමසිංහ
Home
»
actress
»
Duleeka Marapana
»
Talented
»
teledrama
» හැමෝම බලන්නේ තමන්ගෙ වැඩේ කරගන්න විතරයි - දුලීකා මාරපන
Sunday, October 20, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment