Thursday, October 3, 2013

ජනප්‍රිය නිළි පෙනිලෝප් කෲස් පසුගිය කාලය තුළ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ. අය ‘ප්‍රසූත නිවාඩු’ ලබාගෙන සිටියා. පසුගිදා ඇය දෙවැනි වතාවටත් මවු පදවිය ලැබුවා. දෙවැනි වතාවේදී ඇයට ලැබුණේ දියණියක්.

මෑතකදී ඇය, තම සැමියා වන ජාචියර් බාඩෙම් සහ දෙහැවිරිදි වැඩිමල් පුතා සමඟ ප්‍රංශයේ කෝසිකා වෙරළේ කාලය ගතකරමින් සතුටින් සිටින අයුරු බොහෝ දෙනෙකුට දැකගත හැකිවුණා. දෙවැනි වතාවටත් දරුවෙකු ලැබූව ද ඇය වෙතින් කිසිදු තරබාරු ගතියක් දකින්න ලැබුණේ නැහැ. බොහෝ දෙනා පෙනිලෝප්ව දැක්කේ තරුණියක විලසින්. ඇගේ වයස අවුරුදු 39ක් වුවත් ඇය එවැනි වයසක් පසුකරමින් සිටින බවට සේයාවක්වත් තිබුණේ නැහැ.

පෙනිලෝප්, තම සැමියා සහ පුතු සමඟ මුහුදේ ස්නානය කරන අයුරු එතැනට පැමිණ සිටි අයට දැකගත හැකිවුණා.

සිළුමිණ - රසඳුන 2013-09-22
සුජීව තේවහෙට්ටිගේ

0 comments:

Post a Comment