Monday, May 26, 2014

සුපිරි බොලිවූඩ් නළු ෂාරුක් ඛාන් ලෝකයේ දෙවැනි ධනවත්ම නළුවා බවට පත්ව තිබේ.

ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 600කි.

විකට නළු ජෙරි සේන් ෆෙල්ඩ් (Jerry Seinfeld), වෙල්ත් එක්ස් (Wealth X) හොලිවූඩ් සහ බොලිවූඩ් ධනවත්ම ලැයිස්තුවට අනුව ලෝකයේ පොහොසත්ම නළුවායි.

ඔහු ඩොලර් මිලියන 820ක වටිනාකමකින් යුත් බව ට ඇස්තමේන්තු කොට තිබේ.

තුන්වන ස්ථානය හිමිකර ගත් නළු ටොම් කෲස්ගේ වටිනාකම ඩොලර් මිලියන 480කි.

ෂාරුක් ඛාන් හොලිවූඩ් සිනමාවේ ටොම් හැන්ක්ස්, ක්ලින්ට් ඊස්ට් වූඩ් සහ ඇඩම් සැන්ඩ්ලර් යන නළුවන්ට වඩා පොහොසත් බවට වෙල්ත් එක්ස් (Wealth X) ආයතනය පවසයි.

ඉන්දියාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් අතිශයින්ම ජනප්‍රිය ෂාරුක් ඛාන් ඉන්දියාවේ හැඳින්වෙන්නේ බොලිවූඩ් බාඩ්සා නැත්නම් බොලිවූඩ් සිනමා සක්විති යනුවෙනි.

ෂාරුක් ඛාන් චිත්‍රපට නිෂ්පාදකයෙක්. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. ඉන්දීය ක්‍රිකට් සමාජයක අයිතිකරුවෙක්. එසේම ධානපතියකි.

ඔහු බොලිවූඩ් චිත්‍රපට 50කට වැඩි ගණනක රංගනයෙන් දායක වී තිබේ.

බීබීසීය පවසන ආකාරයට ඔවුන්ගේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් සම්බන්ධ මෙම ප්‍රවෘත්තිය ඉන්දීය මාධ්‍යයට ලැබුණ විට එය පුදුම එලවන තොරතුරක් නොවුන බව ය.

ව්‍යාපාරිකයෙක්

ඔහු චිත්‍රපටකරුවකු පමණක් නොව ව්‍යාපාරිකයකු බවත් වටහා ගත යුතු බවය ඔහු පවසයි.

    ඔහුට අයිති ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා. ඔහු චිත්‍රපට නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනවා. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔහු තමන්ගේ චිත්‍රපට නිෂ්පාදනය කරනවා. මේවයින් ඔහුට දිගටම ලාභ ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම බලපුවම ඔහු දෙවැනි පොහොසත් නළුවා කියන එක පුදුම වෙන්න කරුණක් නොවෙයි

පුවත් පත් වාර්තා ප්‍රතිචාර පිළිබඳව තව දුරට ත් අදහස් දක්වමින් බීබීසියේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් අමෙරිකානු නළු ටොම් කෲස් සහ අමෙරිකානු විකට නළු ඇඩම් සැන්ඩ්ලර් ට වඩා පොහොසත් ආදී වශයෙන් පුවත් පත් වාර්තා පලකොට ඇති බව ය.
Next
This is the most recent post.
Previous
Older Post

0 comments:

Post a Comment