Sunday, May 11, 2014

රූපවාහිනී නාලිකාවක ගායන හා නර්තන තරඟයකට එක් වූ ජනප්‍රිය රංගන ශිල්පියකු වන සුරේශ් ගමගේට තවමත් ඊට අදාල ගෙවීම් කර නැතැයි හෙළි වේ.

සුරේශ් ගමගේ කියා සිටියේ අදාල වැඩසටහන අවසන් වී දැනට අවුරුදු තුනකට අධික කාලයක් ගත වී ඇති බවයි.

එම වැඩසටහන පැවති අවසන් රාත්‍රියේ දී විවිධ පාර්ශව අතර ගැටුමක් ද ඇති වූ අතර කෙසේ හෝ තමා එම තරඟයෙන් තුන්වන ස්ථානය දිනා ගත් බව ද ගමගේ පැවසීය.

“මට දුක මගේ අක්කා ඔය තරඟෙට මාසෙකට විතර පස්සේ මේ ලෝකෙන් සමු ගත්ත වෙලාවේ මම සල්ලි ටික ඉල්ලුවා අවමංගල්‍ය කටයුතු වලට…එතකොටවත් ඔය ආයතනයේ කිසි කෙනෙක් ආවේ නෑ…”

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාල ආයතනය විසින් නෛතික ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවට ප්‍රකාශ වෙතත් ඊට අදාලව එම ආයතනයේ ප්‍රතිචාරය දැන ගැනීම සඳහා අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.

@ Vimasum.com

0 comments:

Post a Comment