ජනප්‍රිය නිළි, ප්‍රියංකා චොප්රා ගැන නොයෙක් මාදිලියේ ආරංචි පසුගිය මාස කීපය තුළ අපට දැන ගන්නට ලැබුණා. ඒවායින්, කාගේත් සිත් සසල කළ පුවතක් තිබුණා. ඒ තමයි, ප්‍රියංකාගේ ආදරණීය පියාණන්ගේ අභාවය. ඇගේ පියා වූ වෛද්‍ය අශෝක් චොප්රා පසුගිය ජුනි මාසයේදී මෙලොවින් සදහටම සමුගත් බව කවුරුත් දන්නවා. ඔහු මිය ගියේ දීර්ඝ කාලයක් තිස්සේ වැළඳී තිබුණු පිළිකා රෝගයක් නිසයි.
පසුගියදා ප්‍රියංකා, තම පියා සිහිවීම පිණිස මහඟු පුණ්‍ය ක්‍රියාවකට මුල පිරුවා. ඇය, ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් තම පියා නේවාසිකව ප්‍රතිකාර ගත් රෝහලට පරිත්‍යාග කළා. ඒ, එම රෝහලෙහි පිළිකා රෝගීන් වෙනුවෙන් වාට්ටුවක් ඉදිකරන්නටයි. (ඉන්දීය රු. ලක්ෂ 50 ක් ලංකාවේ මුදලින් එමෙන් තුන් ගුණයකටත් වැඩියි.) “මගේ තාත්තා පිළිකා රෝගයෙන් මියයෑම මගේ ජීවිතයේ කිසිමදාක අමතක නොවන සිද්ධියක්. ඒ වගේ දෙයක් කිසිම කෙනකුට අත් නොවේවා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.” ප්‍රියංකා පැවසුවා.
මේ අලුත්ම වාට්ටුවේ වැඩ කටයුතු ආරම්භ කෙරුණු අවස්ථාවේදී කතා කළ ප්‍රියංකා...
“පිළිකා රෝගය මර්දනය කිරීමේ වැඩ කටයුතුවලට මම මුළු හිතෙන්ම සහයෝගය දෙනවා. රෝගය පැතිරෙන්න කලින්, මුලදීම ඒ වෙනුවෙන් ප්‍රතිකාර කිරීම වැදගත්.
මගේ තාත්තාට පිළිකාවක් හැදුණේ 2005 දි. එදා ඉඳල මිය යන තුරුම සැරින්සැරේ තාත්තා රෝහලට ගියා.
මගේ අම්මාත් වෛද්‍යවරියක් නිසා තාත්තාට ප්‍රතිකාර ලබාදීම ගැන ගොඩක් සැලකිලිමත් වුණා.
2005 ඉඳල පහුගිය ජුනි මාසය වනතුරුම තාත්ත හිටියෙ හොඳ ශරීර සනීපයෙන්. ගෙදර අපි හැමෝම තාත්තගෙ අසනීපය ගැන ගොඩක් කාරණා දැන ගත්තා. ඒ කොහොම වෙතත් අන්තිමේදි තාත්තා අපිව දාලා ගියා.” ප්‍රියංකා කඳුළු පිරි දෙනෙත් පිස දමමින් කියා සිටියා.
Home
»
actress
»
cancer
»
film
»
indian
»
Priyanka Chopra
»
Singer
» ප්‍රියංකාගෙන් පිය සෙනෙහසට පරිත්‍යාගයක්
Tuesday, November 5, 2013
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment