Saturday, November 2, 2013

වයස අවුරුදු 15 ක් වු තම දියණියව දුෂණය කිරීමට තරුණයෙකුට අනුබල දුන් බව කියන වයස අවුරුදු 45 ක්වු මවක් අත්අඩංගුවට ගෙන ඇති බව මාරවිල පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල - තල්විල පදිංචිව සිටි කාන්තාවක්වය. හලාවත,මුගුණුවටවන - තල්ගස්වෙල ප්‍රදේශයේ මුලින් පදිංචිව සිටි ඇති සැකකාර මෙම කාන්තාව තම ස්වාමි පුරුෂයා අතහැර මාරවිල - තල්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමග විවාහ වී ඇත.

පළමු විවාහයේ සිටි දිය‚ය 09 වන වසර දක්වා ඉගෙණුම ලබමින් සිට තම අධ්‍යාපනය කටයුතු අතර මග නතර කර තල්විල පදිංචි තම මව සොයා ගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

එම නිවසේ සිටින විට මවගේ දුරකථනය භාවිතා කරමින් ඇමතුම් ලබා ගෙන ආණමඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු හා සම්බන්ධකමක් ඇති කර ගැනීමට දිය‚ය සමත්වී ඇත.

පසුව මෙම වසරේ මාර්තු මාසයේදී එම තරුණයා තල්විල පිහිටි සැකකාරියගේ නිවසට පැමිණ ඇත.එදින සිට බාල වයස්කාර තම දිය‚යට ඇයගේ පෙම්වතා සමග අඹු - සැමියන් ලෙස ජීවත් වීමට සැකකාර කාන්තාව අවසර දී ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට කිසියම් අයෙකු පවසා ඇත.ඒ අනුව සිදු කරණ ලද විමර්ශණයකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

බාලවයස්කාර දැරිවිය දුෂණය කළ බව කියන සැකකරු ප්‍රදේශය අතහැර ගොස් ඇති බව පොලීසිය කියයි. මාරවිල මුලස්ථන පොලිස් නිළදාරීන් වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

0 comments:

Post a Comment